Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් (Surcouf) සහ ඩික්ස්මුඩ් (Dixmude) යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (18)  කොළඹ වරායට සේන්දු වී ඇති අතර එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගෙන තිබේ.

ඩික්ස්මුඩ් නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කපිතාන්, ජීන් පෝචර් මහතා කටයුතු කරන අතර, කොමාන්ඩර් ක්‍රිස්ටීන් රිබේ මහත්මිය සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනිය ලෙස කටයුතු කරයි. 

ඒ අනුව, කාන්තා නිලධාරීනියක අණදෙනු ලබන යුද නෞකාවක් කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරිනියක යුද නෞකාවක සම්බන්ධතා නිලධාරිනියක ලෙස කටයුතු කරනු ලබන පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

දෙරටේ නාවිකයන් එක්ව මුහුදේ සිදුවන මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් හා මුහුදේ සිදුවන යුදමය නොවන මෙහෙයුම් සම්බන්ධ තත්ත්වය පිළිබඳ වෘත්තීමය මට්ටමේ අදහස් හුවමාරු කර ගැනීම සඳහා වන වැඩසටහනක්ද සංවිධානය කර ඇති අතර ඒ සඳහා මෙරට නාවිකයන් දස දෙනෙකු සහභාගි වීමටද නියමිතය.

එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එම නෞකාවන් අද (19දා) සවස දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.