ප්‍රථම වරට දිනකදී කොරෝනා ආසාදිතයන් ලක්ෂය වාර්තා වෙයි
- 2020-04-05 21:58:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම දත්ත වලට අනුව දෛනික වශයෙන් ලොවපුරා වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට සෙනසුරාදා දිනයේදී 100000 ඉක්මවා ගියේය.
ගෝලීය වශයෙන් පසුගිය පැය 24 තුළ නව තහවුරු කළ රෝගීන් 101,500 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 1,213,927 ක් බවට පත්විය.
ලොවපුරා මරණ 65,652 ක් වාර්තා වී ඇති අතර, 252,390 කට වැඩි පිරිසක් මෙම රෝගයෙන් සුවය ලබා ඇත.
ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකාවේ එහි ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවා තිබේ. ඉන් අනතුරුව ස්පාඤ්ඤය පසුවන අතර ඔවුන්ගේ ආසාදිතයන් සංඛ්‍යාව 130000කි.
Reply To:
Name - Reply Comment
0 Comments