ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය
- 2018-04-18 11:34:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි අලෙවි කරන්නන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත්, මේ පිළිබඳ සොයා බැලීමට වැටලීම් සිදුකරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
වෙසක් හා පොසොන් පොහොය නිමිත්තෙන් ඉදිරියේදී බෞද්ධ ආගමික වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක වන බවත්, මේ නිසා අටපිරිකර හා බෞද්ධ කොඩි සඳහා විශාල ඉල්ලුමක් ඇති වන බවත් අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
බෞද්ධ කොඩිය, දැනට හඳුන්වා දී ඇති ප්‍රමිතියෙන් යුක්තවිය යුතු බවත්,මීට අමතරව අටපිරිකර, තනිපට සිවුර, දෙපට සිවුර සහ අඳනකඩය, පාත්‍රය, බඳ පටිය යන භාණ්ඩ නිෂ්පාදකයන් හා වෙළෙඳුන් සිය ආයතන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබා තිබිය යුතු බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව මෙම භාණ්ඩ ඇසුරුමෙහි උපරිම සිල්ලර මිල නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ ලිපිනය, දුරකථන අංකය සහ නිෂ්පාදිත දිනය සඳහන් කළ යුතු බවත්, ඊට අදාළ නීති පනවා තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments