Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ළමයින් පිළිබඳව සංවේදීව කටයුතු කරන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින අතර ම පාසල තුළ සිදුවන කායික දණ්ඩනයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමු ව ඇතැයි ද එහි සභාපති මරිනි ද ලිවේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දිවයිනේ පාසල් ආශ්‍රිතව ගුරුවරුන්ගෙන් ළමයින්ට සිදු වන කායික හිංසනයන් දිනෙන් දින ඉහළ යාමේ ප්‍රවණතාවක් වර්තමානය වන විට මතුව ඇතැයි ද  මෙලෙස  ළමයින්ට ශාරීරික දඩුවම් ලබා දීම හරහා ඔවුන් ප්‍රචණ්ඩත්වය, පහරදීම්, සොරකම වැනි සමාජ විරෝධි චර්යාවන්ට යොමු වීම, සිසුන් තුළ ආක්‍රමණශීලි හා කලහකාරී රටා මතු වීම, ශිෂ්‍යයා, ගුරුවරයා හා විදුහල්පතිවරයා අතර පවතින සම්බන්ධතාව ක්‍රමයෙන් දුරස්වී යාම වැනි දේ සිදුවන බව පර්යේෂණයන්ගෙන් අනාවරණය වී ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

පාසල ශාරීරික දඩුවම්වලින් තොර ළමා හිතකාමී ස්ථානයක් බවට පත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016.04.29 දිනැති 2016 අංක 12 දරණ පාසල තුළ විනය ආරක්ෂා කිරීම නැමති චක්‍රලේඛයක්ද නිකුත් කර ඇත. එමඟින් පාසල තුළ ශාරීරික දඩුවම් ලබා දීම තහනම් කර ඇති අතර, ඒ වෙනුවට ගත යුතු විකල්ප ක්‍රියාමාර්ගද දක්වා ඇත. එම ක්‍රියාමාර්ග අතර පාසලේ ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාරකම් මනාව සංවිධානය කර තිබීම හා සිසුන් විසින් සිදු කරන යහපත් ක්‍රියාවන් විශේෂ ඇගයීමට ලක් කිරීම, පාසලේ විනය නීති පද්ධතිය පිළිබඳව සියලු දෙනා දැනුවත් කිරීම, ළමයින් විසින් යම් වරදක් සිදු කරන ලද අවස්ථාවකදි ඔහු/ඇය විසින් කරන ලද වරද අවබෝධ කර දීම, තදබල විනය විරෝධි කටයුතු සිදු කළ අවස්ථාවලදි ශාරීරික දඩුවම් ලබා දීම වෙනුවට අවවාද කිරීම හා අවස්ථාවට උචිත පරිදි දෙමාපියන් හෝ භාරකරුවන් ගෙන්වා, ඒ පිළිබඳ පැහැදිලි කර ඔවුන් දැනුවත් කිරීම යන කරුණු ප්‍රමුඛ වේ.

 

ළමයින් යහමගට ගැනීම කායික දණ්ඩනයෙන් තොරව ළමයා පිළිබඳව සංවේදී වීමෙන් සිදු කළ හැක. පසුගිය දින කිහිපය තුළදී එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර ආසන්නතම සිදුවීම පසුගිය දිනක කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පාසලකින් වාර්තා විය. මෙලෙස සිදුව ඇති සියලු ළමා හිංසනයන් පිළිබඳ විමර්ශන 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ “ඌ” වගන්තිය ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නියාමනය කරනු ලබන අතර, ලැබෙන වාර්තා මත අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි කටයුතු තීරණය කරනු ලැබේ. 

කායික දණ්ඩනයෙන් තොරව පාසල ළමා හිතකාමී බවට පත් කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 2018 වර්ෂයේදී දිවයිනේ පාසල් ආශ්‍රිතව විශේෂ දැනුවත් කිරීම් මාලාවක් වීදි නාට්‍ය අනුසාරයෙන් සිදු කිරීමට සැලසුම් කර ඇත. ඒ හරහා ළමයාට සංවේදී වෙමින් ඔවුන්ගේ ගැටලු විසඳීමට ඇති හැකියාව පිළිබඳ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමට අපේක්ෂිතය.

පාසල් දරුවන් හික්මවීම සඳහා ඔවුන්ට කායික දණ්ඩනයන් ලබා දීමෙන් වැළකී, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති උක්ත විශේෂ චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කරන මෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. විශේෂයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මෙවැනි සිදුවීම් වාර්තා වුවහොත් ඊට අදාළව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් සඳහන් කිරීමට කැමැත්තෙමි.

විශේෂයෙන් පාසල් ආශ්‍රිතව සිදුවන ළමයින්ට පහරදීම් ඇතුළු හිංසන ක්‍රියාවන් පිළිබඳව තොරතුරු ඇතොත් 1929 ශ්‍රි ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.