පාසල් තුළ අඛණ්ඩ මදුරු මර්දන වැඩසටහන්
- 2017-11-08 14:35:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් පසුගිය කාලය පුරා දියත් කෙරුණු ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වැසි සමයත් සමඟ පාසල් පරිශ්‍රයන් තුළ ඩෙංගු මදුරු කීටයන් බෝ වීමේ අවදානමක් මතුව ඇති අතර තත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සියලු ම විද්‍යාපීඨයන්හි පීඨාධිපතිවරුන්, ගුරුවිද්‍යාල ප්‍රධානීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.
ඒ අනුව තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණයට පෙර පාසල් දරුවන් ,ගුරුවරුන් , මාපියන් ඇතුළු පාසල් ප්‍රජාව සහ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය මෙන්ම අදාළ ප්‍රදේශයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි ශ්‍රම දායකත්වය ද ලබා ගනිමින් නොවැම්බර් 10 සහ 11 යන දෙදින පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට නියමිතයි.
එසේම 2018 වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම 2017 දෙසැම්බර් 30 සහ 31 දෙදින සිදු කළ යුතුය. ඒ සඳහා ඉහත පාර්ශවයන්ගේ ශ්‍රමදායකත්වය ලබා ගැනීමට කටයුතු කරන ලෙසද දන්වා ඇති අතර මීට අමතරව සෑම ඉරිදා දිනකම පාසල් පරිශ්‍රයන් පවිත්‍ර කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද දන්වා ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments