පාසල් තුළ අන්තවාදී රැස්වීම් බෑ
- 2017-02-28 16:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට එරෙහිවත්, වෙනත් අන්තගාමී මතවාද පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමට ඇතැම් පුද්ගලයන් සහ සංවිධානාත්මක කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
ඒ අනුව පාසල්වල ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට සහ පාසල් සිසුන්ගේ විනය පවත්වාගෙන යාමට එය බාධාවක් බවට දෙමවුපියන් කළ පැමිණිලි සහ අනාවරණය වූ අනෙකුත් කරුණු මත ඒවා වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ගේ හෝ පළාත් අධ්‍යක්ෂවරුන්ගේ විශේෂ අවසරයකින් තොරව පාසල්වල කිසිදු රැස්වීමක් හෝ සාකච්ඡාවක් නොපවත්වන ලෙසට චක්‍රලේඛයෙන් දන්වා තිබේ.
ඒ පිළිබඳව සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදෙන ලෙසත්, එම උපදෙස් නොපිළිපැදීමෙන් ඇතිවන කවරාකාරයක අර්බුදකාරී තත්වයකට වුව ද අදාළ පාසල්වල විදුහල්පතිවරුන් පෞද්ගලිකව ම වගකිව යුතු බවත් එම නිවේදයේ දැක්වෙයි.
නිරෝෂා සෝමරත්න
Reply To:
Name - Reply Comment
0 Comments