පාසල් නිල ඇඳුම් තිළිණපත පළමු වාරය අවසනට පෙර
- 2019-02-22 09:38:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනේ සියලුපාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා 2019 වර්ෂය වෙනුවෙන් නිලඇඳුම් තිළිණපත් ලබා දීම, පළමු පාසල් වාරය අවසන් වීමට පෙර සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව පසුගිය වසරවල මෙන්ම මෙම වසරේද ඒ සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවට සඳහන් කරන අමාත්‍යාංශය,අදාළ නිලඇඳුම් තිළිණපත් ලබාදීමෙහි ප්‍රමාදයක් ඇතැයි පවසමින් ඇතැම් වෘත්තීය සංගම් විසින් මාධ්‍ය හරහා ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවද පෙන්වා දෙයි.
2019 වර්ෂයේ පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීම 2019.01.17 වැනි දින සිදු කෙරුණද, අභියාචනා හා විරෝධතා පරීක්ෂණයෙන් සැකසූ අවසන් ලේඛනය ප්‍රදර්ශනය කළ පසුවද මතුවන යම්යම් ගැටලු සහ දෝෂ තත්ත්වයන් මත අවසන් ලේඛනයේ සියලු සිසුන් ඇතුළත් කරඅවසන් වීමට දළ වශයෙන් මාස එකහමාරක පමණ කාලයක් ගතවන බැවින් හා පන්ති භාර ගුරුවරුන් විසින් එකවර පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට නිලඇඳුම් තිළිණපත් ලබා දිය යුතු හෙයින් පළමු ශ්‍රේණියේ සිසුන්ට නිලඇඳුම් තිළිණපත් ලබාදීම සෙසු ශ්‍රේණිවල දරුවන්ට නිලඇඳුම් තිළිණපත් ලබාදීමෙන් පසුව සිදු කිරීමට සිදුව ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේපාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත්ව සිටින සියලු සිසු දරුවන්ට පසුගිය වර්ෂවල බෙදා හරින ලද පරිදි කිසිදු ප්‍රමාදයකින් තොරව, පළමු පාසල් වාරය අවසන්වීමට පෙර නිලඇඳුම් තිළිණපත් ලබා දීමට නියමිත බවයි.(WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments