පාසල් පෙළ පොත්වලට නව වෙනසක්
- 2016-10-28 10:27:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෙළ පොත් කල්පවතින කෘත්‍රීම කඩදාසිවල මුද්‍රණය කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 2017 වර්ෂය වෙනුවෙන් මුද්‍රණය කරනු ලබන පෙළපොත්වලින් කිහිපයක් නියාමන ව්‍යාපෘතියක් වශයෙන් කල්පවතින කඩදාසිවල මුද්‍රණය කිරීමට අවධානය යොමු වී ඇත.
නියමු ව්‍යාපෘතිය යටතේ 2017 වර්ෂය සඳහා මුද්‍රණය කරනු ලබන 7 වැනි ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොත් තුන සඳහාත් තෝරාගනු ලබන 2 හා 8 වැනි ශ්‍රේණි ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ මුද්‍රණය කිරීමට නියමිතය.
මුද්‍රිත පොත් තෝරාගත් පාසල් 05ක සිසුන් 1000ක නියැදියකට ලබා දී ශිෂ්‍ය ප්‍රතිචාර ලබා ගෙන ඇත. එහෙත් ස්වාධීන විද්වත් කමිටුවකින් කරුණු අනාවරණය කර ගනිමින් මූල්‍ය, තාක්ෂණික, පාරිසරික, සෞඛ්‍යාරක්ෂිත බව හා පිරිවැය ප්‍රතිලාභ යන පැතිකඩ ආවරණය කෙරෙන අධ්‍යයනයක් මෙම නියමු ව්‍යාපෘතිය හරහා සිදු කිරීමට ද නියමිතය. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වාර්ෂිකව පෙළපොත් වර්ග 409කින් පිටපත් 42,077,500ක් මුද්‍රණය කරන අතර මුද්‍රණය සඳහා රුපියල් මිලියන 3800ක් පමණ වැය වේ. පෙළපොත් මුද්‍රණයට වාර්ෂික ව වැය වන මුදල අඩුකර ගැනීමේ පියවරක් ලෙස ද කෘත්‍රීම කඩදාසිවල පෙළපොත් මුද්‍රණය කිරීමට යෝජනා වී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments