පාසල් යළි ආරම්භයෙන් පසු සිසුන් ප්‍රවාහනය කරන අයුරු සාකච්ඡාවට
- 2020-06-17 13:06:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා තබන ලද පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසු සිසුන් ප්‍රවාහනය සිදුකළ යුතු ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මගී ප්‍රවාහන අධිකාරිය, පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, සමස්ත ලංකා පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය ඇතුළු පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයන් රැසක සහභාගීත්වයෙන් ඊයේ (16) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
පවත්නා සුවිශේෂ වාතාවරණය හමුවේ සියලු සමාජ පාර්ශවයන් යම් පසුබෑමකට ලක්ව සිටින බවත්, ලාභ ඉපැයීම වෙනුවට පවත්නා සමාජ අවශ්‍යතාව කෙරෙහි ප්‍රමුඛතාව ලබාදෙමින් දරුවන්ගේ මානයෙන් ගැටළු දෙස අවධානය යොමු කළ යුතු බවත් මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අවධාරණය කළ අතර, විශේෂයෙන් ම සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශවලට අනුගත ව, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සියලු සෞඛ්‍ය උපදෙස්වලට අනුකූල ව පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගත යුතු බව ද පෙන්වා දුන්නේ ය.
ප්‍රවාහන සංගම් නියෝජිතයන් විසින් මෙම හමුවේ දී ප්‍රධාන වශයෙන් මතු කළ කරුණක් වූයේ පාසල් නිමා කිරීම අවස්ථා තුනක දී සිදුකිරීම හේතුවෙන් දරුවන් රඳවා තබාගැනීමට සිදුවන කාලය පිළිබඳ ගැටළුව නිසා එම අවස්ථා ගණන දෙකකට සීමා කිරීම සම්බන්ධ යෝජනාවයි. ආසන ප්‍රමාණයට පමණක් සිසුන් ප්‍රවාහනය, දුරස්ථභාවය පවත්වාගැනීම, වෑන් රථ තුළ විෂබීජහරණය, මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම වැනි සෞඛ්‍ය උපදෙස්වලට එකඟ ව කටයුතු කිරීමට සියලු ප්‍රවාහන සංගම් නියෝජිතවරු මෙහි දී එකඟත්වය පළ කළහ.
Reply To:
Name - Reply Comment
0 Comments