Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

26/2018  “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ චක්‍රලේඛය”  වහා අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ප්‍රේමසිරි ජයමාන්න මහතාට අද (29) උපදෙස් ලබා දුන්නේය.

අදාළ චක්‍රලේඛය 2018 වසරේ ජූනි 22 දින නිකුත් කර තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි.  පාසල්වලට මුදල් එක්රැස් කිරීමේ දී එම කටයුතු විධිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව නිලධාරීන් සඳහන් කළද,  මේ හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ හැකියාව හිමිවන බව අනාවරණය වීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම චක්‍රලේඛය අවලංගු කිරීමට උපදෙස් දි ඇත.

ඇතැම් අවස්ථාවලදී නිසි කරුණු සොයා බැලීමකින් තොරව නිලධාරීන් විසින් නිකුත් කරන ලද මෙවැනි චක්‍රලේඛ හේතුවෙන් රජය, පාසල් දරුවන්, මාපියන් මෙන්ම ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු සියලු දෙනා අපහසුතාවයට පත්වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුණි.

විදුහල්පතිවරුන්ට හෝ පාසල් සංවර්ධන සමිති වලට හිතුමනාපයේ මුදල් එක්රැස් කිරීමට අවකාශ සලසමින් කටයුතු කිරීම කිසිවිටෙකත් නොකළ යුත්තක් වන බවත්, නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම වෙනුවෙන් මාපියන්ගේ සහ දරුවන්ගේ පාර්ශවය මුහුණ දෙන ආර්ථික සහ සමාජ අර්බුදයන් ද තේරුම් ගනිමින් කටයුතු කිරීමට නිලධාරීන් පියවරගත යුතු බවද  අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.