Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් නැවත ආරම්භ කිරීමේ දී පාසල තුළ සිසුන් ඒකරාශි වීම හෝ කණ්ඩායම් ගැසීම වැළැක්වීම සඳහා පාසල් විවේකය එකම අවස්ථාවක නොදී වෙන වෙනම දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන් වෙත උපදෙස් දී තිබේ.
 
පන්ති කාමරය තුළ දුරස්ථභාව පවත්වා ගත හැකි ප්‍රමාණයට පමණක් සිසුන් යොදන ලෙසත්, පාසල් ආරම්භයේ දී හෝ අවසානයේ දීත් ඒකරාශි වීමට හෝ කණ්ඩායම් ගැසීමට ඉඩ නොතබන ලෙසත් දැනුම් දී තිබේ.
 
සිසුන් දෙදෙනෙකු අතර පරතරය මීටර් එකක් දුරස්ථ ලෙස තබා ගැනීම සඳහා ඩෙල් පුටු හා  පන්ති කාමරය සකස් කර ගන්නැයි ද පන්ති කාමරයේ ප්‍රමාණ්‍ය අනුව යෙදිය හැකි උපරිම සංඛ්‍යාව ඉක්මවා නොයන පරිදි කටයුතු කරන්නැයි ද පාසල් ප්‍රධානීන් වෙත දන්වා ඇත.
 
පාසල් විද්‍යා පරික්ෂණ සහ දන්ත සායන නැවත දැනුම් දෙන තුරු නොපවත්වන ලෙසත් රැස්වීම් ස්පර්ශගත ක්‍රීඩා අධ්‍යාපන චාරිකා, ස්පර්ශගත විෂ්‍ය භාර ක්‍රියාකාරකම් හෝ සිසුන් කණ්ඩායම් ලෙස ඒකරාශි විය හැකි අවස්ථා වැළැක්වීමටත් කටයුතු කරන ලෙස ද පාසල් ප්‍රධානීන් ට දැනුම් දී තිබේ.
පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යාම සඳහා සිසුන් ගමන් ගතයුතු දිශාව ඊතල මගින් පෙන්වා දීම හා එකිනෙකා ස්පර්ශ වීමට ඇති අවස්ථාවන් අවම කිරීමට ද කටයුතු කරන්නැයි එම උපදෙස්වල සඳහන් ව ඇත. 

වැසිකිල කැසිකිලි භාවිතයේ දී මීටර් එකක දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු බැවින් එක් සිසුවකු වැසිකිලි කැසිකිලි භාවිතයෙන් පසු පිටතට පැමිණි පසු තවත් අයෙක් එහි යායුතු බවට සිසුන් දැනුවත් කරන්නැයි ද වැසිකිලි වැඩි සංඛ්‍යාවක් ඇති විට පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට සිසුන්ට උපදෙස් දෙන්නැයි ද පාසල් බලධාරින්ට උපදෙස් දී තිබේ.
 
අත්‍යවශ්‍ය අවස්ථාවක දී කාර්ය මණ්ඩලය සඳහා පමණක් රැස්වීම් පැවැත්වීම හා සාකච්ඡා සංවිධානය කිරීම හා එවන් අවස්ථාවල දී දුරස්ථභාවය රැකෙන පරිදි අසුන් පැනවීම සිදුකරන ලෙසත් එම උපදෙස්වල සඳහන් වේ.
 
මව්පියන් පාසල් ගේට්ටුව අසල රැඳී සිටීමෙන් වළක්වා ගැනීමටසහ වරකට මව්පියන්ගෙන් එක් අයෙක් පමණක් පාසලට එන ලෙස දැන්වීමට ද කටයුතු කරන්නැයි පාසල් බලධාරින්ට උපදෙස් දී තිබේ.

(විනීතා එම් ගමගේ) ලංකාදීප ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.