Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කළ පැණි බීම වර්ග සඳහා බදු වැඩි කිරීමේ යෝජනාවලිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ බාරදීම පසුගියදා සිදු විය.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීම මත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කළ මෙම යෝජනා මාලාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත Dr. Razia Pendse මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට යෝජනාවලිය භාරදුන් අතර

දියවැඩියාව වැඩිහිටියන් සහ ළමා පරපුර අතර පැතිර යන රෝගයකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10 ක් දියවැඩියාවෙන් පෙළෙන අතර, සෑම වසරකදීම සෞඛ්‍ය සම්පන්න ජීවන වර්ෂ 52,000ක් පැණිබීම පරිභෝජනය හේතුවෙන් අහිමි වෙයි. සෑම වසරකදීම පැණි බීම පරිභෝජනය හේතුවෙන් රුපියල් බිලියන 28 ක මුදලක් ද විනාශ වෙයි. අලෙවිකරණය හා දැන්වීම් කරණය හේතුවෙන් පැණිබීම පරිභෝජනය ඉහළ ගොස් ඇත. දිළිඳු නාගරික ජනතාව පැණිබීම වර්ග බහුලව භාවිත කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එම ජනතාව පලතුරු, කිරි වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර සදහා වැඩි අවධානයක් යොමු නොකරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති යෝජනාවලියට අනුව බදු අය කිරීමේ විකල්ප ප්‍රතිපත්ති කිහිපයක් හඳුන්වා දී ඇත. මිලිලීටර් 100 පැණිබීම වර්ග බෝතල සඳහා එකතු කරන සීනි ග්‍රෑම් 01 වෙනුවෙන් රුපියලක නිෂ්පාදන බද්දක් අය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සිය යෝජනාවලියෙන් යෝජනා කර ඇත. ඉදිරියේ දී මෙම යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.