Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මේ දිනවල පැතිර යමින් තිබෙන ඉන්ෆ්ලුවන්සා උණ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා හැකි තාක් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
 ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නැතැයිද ඒ මහතා සඳහන් කළේය.
 රෝගය බෝවීම සහ පැතිරීම පාලනය සඳහා කහිනවිට සහ කිවිසිනවිට ලේන්සුවකින් මුව ආවරණය කිරීම, දෑත් නිතර සබන් යොදා සෝදා පිරිසිදුව තබාගැනීම, නිතර මුහුණ හා නාසය ඇල්ලීමෙන් වැළකීම හා ජනාකීර්ණ ස්ථානයන්හි අනවශ්‍ය ලෙස ගැවසීම අවම කිරීම සුදුසු බව ද ජාසිංහ මහතා කීය.
 ඉන්ෆ්ලුවන්සා වෛරසය මගින් ඇතිකරන උණ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර බොහෝවිට ප්‍රතිකාර රහිතව සුව වන බවද ඔහු කීය.
 යහපත් සෞඛ්‍ය සිටින කුමන වයස් කාණ්ඩයක අයෙකුට වුවද මෙම රෝග ලක්ෂණ ඇතිවී යම් තීව්‍ර වීමක් හෝ ශ්වසන අපහුසතාවක් ඇතිවුවහොත් ඔවුන්ද හැකි ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවද ජාසිංහ මහතා පැවසීය.
 එහෙත් ගැබිනි මව්වරුන්, වයස අවුරුදු දෙකට අඩු දරුවන්, වයස්ගත පුද්ගලයන්, ප්‍රතිශක්තිය හීන පුද්ගලයන්, නිදන්ගත රෝගීන්ට එම උණ රෝගය වැළඳුනහොත් සංකූලතා ඇතිවිය හැකි බවද එවැනි රෝගීන් හැකි ඉක්මණින් වෛද්‍යවරුයකු හමුවිය යුතු බවද ඒ මහතා කීය.
 මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ඉන්ෆ්ලුවන්සා රෝගය පිළිබඳව වන ව්‍යාජ පුවත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද්දක් නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.