Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

පාසල් ආරම්භ කිරීමෙන් පසු උ.පෙළ විභාග දිනය තීරණය කරනවා

  • අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රාන්නද

කෝවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් දරුවන්ට පැය 300කට ආසන්න අධ්‍යාපනික කාලයක් අහිමිව ඇති බවත්, පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව එම අහිමි වූ කාලය පිළිබඳවද සලකා බලමින් අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය තීරණය කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රාන්නද මහතා සඳහන් කරයි.

නැවත පාසල් ආරම්භ කිරීම පිළිබඳව හා අගෝස්තු මාසයේදී අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඩෙංගු උවදුර පැතිරයාමේ අවදානමක් පවතින බැවින් ස්වකැමැත්තෙන් පැමිණෙන ගුරුවරුන්, දෙමවුපියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසලට කැඳවා, පාසල් තුළ ජලය එක්රැස් විය හැකි ස්ථානයන්හි පවිත්‍රතා කටයුතු සිදු කරන ලෙසත්, පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන දෑත් සේදීමේ පහසුකම්, රෝගී ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් වෙන් කර තැබීම සඳහා ස්ථාන ආදිය සකස් කරගන්නා ලෙසත් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදුන් බවද ලේකම්වරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ මගින් පාසල් ආරම්භ කළ හැකි බවට මේ වනතුරු දැනුම් දී නොමැති බැවින් පාසල් ආරම්භ කිරීමේ දිනයක් තවමත් තීරණය කර නොමැති බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

පාසල් ආරම්භ කිරීමෙන් පසු අහිමි වූ කාලයට අදාළපාඩම් සියල්ල සම්පූර්ණ කිරීමෙන් අනතුරුව උසස් පෙළ විභාගය පවත්වන බවත්, දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි විභාගය පැවැත් වීම කෙරෙහි අවධානය යොමුව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.  (WMDJBM)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.