Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ළමා අවධියේ මුල් කාලයේ සහ සහ තරුණ අවධියේදී ග්ලූටන් නමැති ප්‍රෝටීනය අඩංගු තිරිඟු, රයි, බාර්ලි වැනි ධාන්‍ය, පැස්ටා සහ පිටි සහිත ආහාර බහුලව ආහාරයට ගැනීමෙන් ඔවුන්ට ඊට ඔරොත්තුනොදීමේ රෝගී තත්වයක් මතුව ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

පළමු වසර පහ ඇතුළත ළමයෙකු සාමාන්‍ය ප්‍රමාණයට වඩා මෙම ආහාරගතහොත්,  සීලියැක් නම් රෝග තත්වයට පත්වීමේ අවදානම මතුවිය හැකි බව මෙම අධ්‍යයනයෙන් අනාවරණය වූ කරුණු දක්වමින් ජාමා නම් පුවත්සේවය ප්‍රකාශ කරයි.

පිටි සහිත දෑ ආහාරයට ගතහොත් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කුඩා බඩවැල්වලට හානිකරමින් ඊට ප්‍රතිචාර දක්වන්නට ගනී. මේ හේතුවෙන් ආහාර දිරවීමේ ක්‍රියාවලිය අක්‍රමවත් බවට පත්වේ.

ඇමෙරිකාව, ෆින්ලන්තය, ජර්මනිය සහ ස්වීඩනයේ අලුත උපන් ළමුන් 6,600ක ඇසුරින් 2004 වසරේ සිට 2010 දක්වා කළ එම පර්යේෂණයකදී එකී සියලු දරුවන් පළමු අවදියේ දියවැඩියා සහ සීලියැක් රෝග අවස්ථාවේ පසුවන බව අනාවරණය වී ඇත.

වසර 5ක් පමණ වනවිට ඔවුන්ගෙන් ළමුන් 1,216ක පමණ පිරිසක්, සීලියැක් රෝගය වර්ධනය වී තිබූ බවද අවුරුදු 2 සහ 3 යන වයස් කාණ්ඩවල ළමුන්ගේ මෙම තත්ත්වය බහුලව දැක ගත හැකි වූ බවද පර්යේෂකයෝ කියති.

 (සීඑන්එන් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.