පීඩාවට පත් වූ පාසල් දරුවන්ට සහන පැකේජයක්
- 2017-06-07 18:13:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන් විසි පන්දහසකට පමණ පාසල් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අත්‍යාවශ්‍ය සියලුම ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ සඳහා ජාතික පාසල් සහ ව්‍යාපාරික ආයතන රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව කටයතු කර තිබේ.
එසේ එක්රැස් කළ ආධාර අමාත්‍යාංශය වෙත ලබා දීම අද (07දා) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මේ සඳහා දායක වූ පාසල් දරුවන් සියලු දෙනාගේ පරිත්‍යාගශීලි දායකත්වය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.
පීඩාවට පත් වූ සිසු දරුවකු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන සහන පැකේජයට රු 10,000 ක් පමණ වටිනා ද්‍රව්‍ය ඇතුළත් වෙයි. ඒ අතර නිල ඇඳුම් රෙදි කට්ටල 3ක්, සපත්තු වවුචරයක්, පෙළ පොත් සහ අභ්‍යාස පොත් ඇතුළත්ය. මීට අමතරව ජාතික පාසල් සහ ව්‍යාපාරික ආයතන විසින් එක් රැස් කළ ද්‍රව්‍ය ආධාර ද පීඩාවට පත් සිසුන් සඳහා ලබා දීමට නියමිතය.
ආපදාවට පත්වූ පාසල් දරුවන් සම්බන්ධ නිවැරදි තොරතුරු පන්තිභාර ගුරුවරයා, විදුහල්පතිවරයා සහ ග්‍රාම නිලධාරිවරයා යන අය විසින් සහතික කර ගැනීමෙන් පසුව ඉදිරි සතියේ සිට පීඩාවට පත් පාසල් දරුවන් වෙත සහන පැකේජ ලබාදිමට සැලසුම් කරඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments