Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පෙරපාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධ ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පෙර පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ගේ ජීවිතවල මූලික පදනම සකස් කරන බැවින් පෙර පාසල් අධ්‍යාපනය යනු සුවිශේෂ අවධානයක් යොමු කළ යුතු අංශයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එබැවින් පෙර පාසල් ගුරුවරුන් නිවැරදි ලෙස පුහුණු කළ යුතු බවත්, පෙර පාසල් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයිය යුතු බවත් අමාත්‍යවරයා පවසයි.

ඒ සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීමට ද රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික අධ්‍යාපන ආයතනය, තවදුරටත් සවිබල ගන්වා ඇති බැවින් ඉදිරියේ දී ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමට අදාළ වැඩසටහන් රැසක් දියත් කිරීමට පියවර ගන්නා බව ද පැවැසීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.