Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය, උෂ්ණත්වය හා ජල අතිරික්ත වෙනස්වීම් පිළිබඳ දත්ත විශ්ලේෂණය කර සිතියම්ගත කිරීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිදුකරයි.

කෘෂි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය පත්මරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර ජාතික පර්යේෂණ සභාව මීට මූල්‍ය දායකත්වය සපයයි.

‘කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අඩ සියවසක කාලයක් පුරා එක්රැස් කළ දත්ත උපයෝගී කරගෙන මෙතෙක් සිදුවූ කාලගුණික විපර්යාස පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. මෙතෙක් ලංකාවට හඳුන්වාදී නොමැති ක‍්‍රමවේද හා ප‍්‍රවේශයන් ප‍්‍රථමවතාවට මෙම පර්යේෂණ කටයුතු සඳහා අප උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වෙනවා.‘

‘මහ වැසි, අධික උෂ්ණත්වය, ගංවතුර සහ අනපේක්‍ෂිත නායයෑම් පිළිබඳව පසුගිය කාලවකවානුවේදී අපට අසන්නට දකින්නට ලැබුණා. මෙම විපරිත කාලගුණික රටා පිළිබඳව විශේෂිත තොරතුරු අධ්‍යයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමගින් නායයාම් ඇතුළු අනපේක්‍ෂිත කාලගුණික තත්ත්ව ඇතිවන ස්ථාන, ඇතිවන වාර ගණන, තීව‍්‍රතාව හා පවතින කාලසීමාව පිළිබඳ දත්ත පහසුවෙන් ලබාගැනීමට හැකිවේයැයි අපි විශ්වාස කරනවා.‘

‘කාලගුණික දත්ත වෙනස්වීම් එකතුවක් තුළින් සංඛ්‍යාත්මක නිරූපණ හරහා ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්තව හඳුනාගැනීමට මෙම පර්යේෂණයෙන් අවකාශ ලැබෙනවා. ලංකාව තුළ ආපදා කළමනාකරණයට හා ජල කළමනාකරණයට ප‍්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකි නවීන සිතියමක් සකස් කිරීම මෙම පර්යේෂණයේ අවසන් ප‍්‍රතිඵලයයි‘

මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය මෙත්තිකා විතානගේ, මහචාර්ය එම්.සී.එම්. ඉක්බාල්, ඇමෙරිකාවේ දකුණුදිග ෆ්ලෝරීඩාවේ දිස්ත‍්‍රික් ජල කළමනාකරණ ආයතනයේ ආචාර්ය ජයන්ත ඔබේසේකර සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂක ජී. නවීන්ද්‍ර කුමාර් යන මහත්ම මහත්මීන් මෙම පර්යේෂණය වෙනුවෙන් සහාය ලබාදෙති.(Source:lankadeepa-Gayan Suriyaarchchi)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.