පොකිමොන් ගෝ ජංගම දුරකථන ක්‍රීඩාව ලංකාවටත්
- 2016-12-15 08:41:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව පුරා ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ අවධානය දිනාගත් ප්‍රමුඛ ජංගම දුරකථන ක්‍රීඩාවක් වන Pokémon Go (පෝකිමාන් ගෝ) ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ උනන්දුවක් දක්වනන්ට බාගත කිරීමට අවස්ථාව ලැබී තිබේ.
ඒ එම ජංගම දුරකත ක්‍රීඩාව මේ වන විට දකුණු ආසියානු රටවල්හි වෙසෙන ජනතාව වෙත බාගත කිරීමේ අවස්ථාවේ ක්‍රීඩාවේ නිර්මාපකයන් වන නියැන්ටික් සමාගම විසින් ලබාදී ඇති නිසාය.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය නේපාලය, පාකිස්තානය යන රටවල් සඳහා ඔවුන් මෙම දුරකථන ක්‍රීඩාව බාගත කිරීමේ අවස්ථාව ලබාදී ඇත.
ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් මෙහෙයුම් පද්ධති ඇති ජංගම දුරකථනයන්ට මෙම යෙදුම (App) බාගත කරගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට ලැබෙන බව එම සමාගම නිවේදනය කරයි. කෙටි කාලයක් තුළ ලෝකය තුළ වේගයෙන්ම ව්‍යාපත්ත වූ ජංගම දුරකථන යෙදුමක් ලෙස පෝක්මෝන් ගෝ ජංගම දුරකථත ක්‍රීඩාව ප්‍රසිද්ධියක් උසුලයි.
මේ වසරේ ජුලි 07දා එය ඇමෙරිකාවට හඳුන්වාදීමට නියැන්ටික් සමාගම කටයුතු කළ අතර සතියක් ඇතුළත ඇමෙරිකානුවන් මිලියන 10ක් පමණ මෙම යෙදුම බාගත කරගෙන තිබූ අතර ඇමෙරිකානුවන් සතියක් තුළ වැඩිම අවස්ථා ගණනකදී බාගත කළ ජංගම දුරකථන යෙදුම ලෙසද එය සැලකෙයි. එසේම ලොව පුරා මිලියන 15ක් පමණ සතියක් තුළ එම යෙදුම බාගත කරනු ලැබීය.
පසුගිය අගෝස්තු මාසයේදී ගිනස් වාර්තාවක් පිහිටුවීමටත් මෙම ජංගම දුරකථන ක්‍රීඩාව සමත්වූයේ මසක් තුළ වැඩිම ආදායමක් උපයාගත් දුරකථන ක්‍රීඩාව බවට පත්වෙමිනි. මසක් තුළ නියැන්ටික් සමාගම ඉපයූ ආදායම ඩොලර් මිලියන 206.5ක් විය. එසේම මසක් තුළ වැඩිම ප්‍රමාණයක් බාගත කළ ජංගම දුරකථන ක්‍රීඩාව ලෙසත් පෝක්මෝන් ගෝ ඉතිහාසයට එක්ව තිබේ. මසක් තුළ මිලියන 130ක් මෙම දුරකථන ක්‍රීඩාව බාගත කර තිබුණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments