Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉවතලන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරිම සඳහා පියරොලයිසිස් යන්ත්‍රයක්  අත්තනගල්ල පෙතියාකන්ද කාබනික පොහොර අංගනයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ප්ලාස්ටික් හා පොලීතින් අපද්‍රව්‍ය පයිරොලයිසිස් තාක්ෂණය යටතේ ප්‍රතිචක්‍රීකරණය සඳහා දකුණු කොරියාවේ ඔමේගා එනර්ජි එන්වයිරොටෙක් ආයනය මෙම යන්ත්‍රය නිපදවා තිබේ.

මේ හරහා ප්ලාස්ටික් හා පොලිතින් පයිරොලයිසිස් තෙල් හා කාබන් කඩු බවට පරිවර්තනය කරයි.

එම තෙල් ඉන්ධනයක් ලෙසත් කාබන් කුඩු මාර්ගවල අතුරන ගල් නිෂ්පාදනය සඳහාද යොදා ගැනීමේ හැකියාවක් පවතී.

ඔමේගා ආයතනය මෙම යන්ත්‍රයක් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ප්‍රධානය කිරිමට එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව එම යන්ත්‍රය ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ අත්තනගල්ල පෙතියාකන්ද කාබනික පොහොර අංගනයේ ස්ථාපිත කිරීමට මහවැලි  සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.