පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබදව සරසවියක්
- 2017-02-08 10:50:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබදව විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙයි. පොලිස් සේවයේ සහ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය හැදෑරීමට උනන්දුවක් දක්වන පුද්ගලයන්ට මෙන්ම විදේශ ශිෂ්‍යන්ට එම විශ්ව විද්‍යාලයේ අධ්‍යපනය හැදෑරීම අවස්ථාව ලබාදීම එහි අරමුණ වෙයි.
පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ගේ දරුවන්ටද මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහිද අවධානය යොමුකර තිබේ.
යෝජිත විශ්ව විද්‍යාලය දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය. හිටපු පොලිස්පති එම්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට නියමිතය.
විශ්ව විද්‍යාලය සඳහා අවශ්‍යවන නීතිමය අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments