පෝය දිනවලදී හා ඉරිදා සවස 2 තෙක් උපකාරක පංති තහනම්
- 2019-01-03 10:52:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.
අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේ කටයුතු සිදුවන බවත්, එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය නීති සකස් කරන බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව දහම් පාසල් සහතිකයට උසස් පෙළ විභාගයේදී, සාමාන්‍ය පෙළ විභාගයේදී සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 10 බැගින් ලබාදීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments