Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි. සරත් සෘතුවේ ආරම්භය ද බිනර පුර පසළොස්වක පොහොයයි. සරත් කාලය කවීන්ගේ කවි සිත පුබුදු කරවන ලද ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වී ගිය සමයෙකි. සරත් ඍතුවේ දක්නට ලැබෙන ස්වාභාවික දර්ශනයන් නොයෙක් විසිතුරු ලෙස වර්ණනා කර ඇති අයුරු ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘතිවලින් පැහැදිලි වෙයි. මේ නිසා බිනර මාසය ශාසනික වශයෙන් ද සාහිත්‍ය අගය වශයෙන්ද සංස්කෘතික වශයෙන් ද වැදගත්කමකින් යුත් මාසයකි.

මහා ප්‍රජාපති ගෝතමිය බුදුරදුන් වෙත පැමිණ අනගාරික ශාසනයෙහි පැවිද්ද ඉල්ලා සිටියාය. බුදුරදුහු ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළෝ ය. මෙයින් නොනැවතුණු මහා ප්‍රජාපති ගෝතමීය පැවිද්ද ලත් කුමරුවන් පන්සිය දෙනාගේ බිසෝවරුන් සමග යොදුන් පනස්‌ එකක්‌ දුරුකතර ගෙවා නැවත බුදුරදුන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලා සිටියහ. මහා ප්‍රජාපතිය  දොරටුව අබියස හඬා වැටෙමින් ආනන්ද හිමියන්ට දුක්‌ගැනවිල්ල කියා සිටියාය. ආනන්ද හිමියන්ගේ ඉල්ලීමද තෙරවරක්ම ප්‍රතික්‌ෂේප විය. එහෙත් ආනන්ද හිමියන්ගේ බලවත් ප්‍රයත්නය මත කතුන්ට සසුන් දොර විවර විය. 

බෞද්ධ ශාසනය තුළ ස්‌ත්‍රී පුරුෂ භේදයක්‌ නොමැති වුවත් කාලීන අවශ්‍යතාවක්‌ මත බුදුවරුන් ගිය මග යමින් ගරු ධර්ම අටක්‌ විශේෂ කොට පැනවීමට බුදුරදුන්ට සිදුවිය. අෂ්ඨ ගරු ධර්ම පිළිගත යුතු බව බුදු හිමියන් එහි දී වදාළ බවත් මහා ප්‍රජාපති ගෝතමී එය පිළිගැනීමෙන් පසු පැවිද්ද ලබාගැනීමට හැකි විය.

භික්‍ෂුන් වහන්සේලා තුන් මාසයක්‌ වස්‌ වසා, වස්‌ පවාරණ කර පසුව එළැඹෙන මාසය “චීවර මාසය” හෙවත් කඨින මාසය ලෙස හදුන්වන මාසයද මෙම මාසයයි. කඨින මාසයේ අග්‍ර ඵලය ලෙස කඨින චීවර පූජා කිරීම අට මහ කුසලයකට සම්බන්ධ පුණ්‍ය කර්මයක් බව බෞද්ධයින් විශ්වාස කරති.
උගත් භික්ෂූන් වහන්සේලා වස් කාලයේ දී ශාසනික ආගමික, සාහිත්‍යමය වශයෙන් විශාල මෙහෙවරක්‌ සිදුකරනු ලැබේ. පැරණි යතිවරුන් විසින් ලියන ලද සාහිත්‍යමය ග්‍රන්ථ බිහි වූයේ බිනර සමයේදීය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත වැනි ධර්ම ග්‍රන්ථ ලියන ලද්දේ බිනර මහේදී බව කියවේ.

ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදු වීමය. බිනර පුර පොහෝය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල බෞද්ධ බැතිමත්හු ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙති.

 

අෂ්ට ගුරු ධර්ම

1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උප සපන් වූ භික්ෂූහු දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය

2. භික්ෂූන් නොමැති ප්‍රදේශයෙක් හි මෙහෙණක විසින් වස් නො වැසිය යුතු ය.

3. අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්ෂු සංඝයා ගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලාපොරොත්තු විය යුතුයි.

4. වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.

5. ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත පිරිය යුතු යි.

6. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයා ගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.

7. කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනෙකු හට ආක්‍රොෂ පරිභව නො කටයුතු යි.

8. මෙහෙණියන් විසින් භික්‍ෂුන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂුන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය. ආනන්ද හිමියෝ මේ ගරු ධර්ම අට බුදුරදුන් ගෙන් උගෙන මහා ප්‍රජාපතී ගෝතමිය වෙත එළඹ ගරු ධර්මයන් විස්තරකොට කියා ‘ඉදින් ඔබ මේ ගරු ධර්මයන් පිළිගන්නෙහි නම් එය ම ඔබට පැවිදි උපසම්පදාව වන්නේ යැ’යි ද කීහ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.