Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජනවාරි 12  වන දින සිකුරු  ග්‍රහලෝකයත් ජනවාරි 19 වන දින බුධ ග්‍රහලෝකයත් වෙනත් දිනයන්හිදීට වඩා දීප්තිමත්ව දැකගත හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි .

2017 ජනවාරි 12 වන දින  සූර්යයා සහ සිකුරු  ග්‍රහලෝකය අතර කෝණය අංශක  47.1 ක උපරිම අවස්ථාවකට  පත්වන අතරමෙය Venus at Greatest Elongation  ලෙස හඳුන්වයි. එදිනට සිකුරු ග්‍රහලෝකය වෙනදාට වඩා දීප්තිමත්ව දැකගත හැකිය.

එදින සවස6.30 සිට රාත්‍රී 9.00  පමණ වනතෙක් බටහිර අහසෙහි  ක්ෂිතිජයට ඉහලින් සිකුරු ග්‍රහලෝකය ඔබට නිරීක්ෂණය කළහැක. එමෙන්ම මෙම අවස්ථාවෙිසිකුරු  ග්‍රහලෝකය දුරේක්ෂයකින්  නිරීක්ෂණය කලහොත් සිකුරුගේ කලා වෙනසද දැකගත හැකි බව ග්‍රහලෝකාගාරය සඳහන් කරයි.

ජනවාරි 19 දින බුධ ග්‍රහලෝකයද මෙවැනිම පිහිටීමකට  (Mercury atGreatest Western Elongation) පැමිණෙයි. එවිට බුධ  ග්‍රහලෝකය හා සූර්යයා අතර කෝණික පරතරය අංශක 24.1 ක උපරිම අවස්ථාවකට පත්වේ. එදින පාන්දර  5.00 සිට හිරු උදාව තෙක් නැඟෙනහිර අහසේදී සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වන බුධ ග්‍රහලෝකය වෙනත් දිනවලට වඩා දීප්තිමත්ව දැකගත හැකි බවද එම නිවේදනයේ වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

770

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.