බේරේ වැව පෙදෙස රන්මසුපුර වෙයි
- 2017-11-27 23:27:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එනම්, බේරේ වැව වටා ඇති සියලුම ඉඩම් ඉහළ ඵලදායිතාවකට දියුණු කිරීම, බේරේ වැව අපවිත‍්‍ර වන ආකාරයේ සියළු භාවිතයන් පාලනය කිරීම, ස්වභාවික පරිසරය ආරක්‍ෂා කර ගනිමින් යෝජිත සංවර්ධනය සැලසුම් කිරීම, දේශීය හා විදේශීය ජනතාවට බේරේ වැව වෙත ළඟාවීමට හැකිවන පරිදි වැව රක්ෂිතය විවෘත කර සංවර්ධනය කිරීම හා විනෝද කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීම, විශේෂයෙන්ම දේශීය ජනතාව සඳහා තම ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමේ අවස්ථා වැඩිකිරීම හා ආර්ථික දියුණුව ඇති කිරීම සිදු කෙරේ.
කොළඹ වරාය, වරාය නගරය, විහාර මහා දේවී උද්‍යානය සහ ගාලූමුවදොර ආවරණය වන ආකාරයට සංවර්ධන කොරිඩෝ පහක් හඳුනාගෙන ඇති අතර ඒ හරහා බේරේ වැවත් නගරයේ අනිකුත් ප‍්‍රදේශත් සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කෙරේ.
මෙම විශේෂ සංවර්ධන කලාපය හෙක්ටයාර් 55 ක් පමණ බේරේ වැව ලෙස පවතී. එසේම හෙක්ටයාර් 30 ක පමණ රජයේ කාර්යාල පිහිටා ඇති අතර, හෙක්ටයාර් 27 ක් පමණ ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වේ. ඊට අමතරව හෙක්ටයාර් 26 ක් පමණ ගුදම් ලෙස පවතී.
මින් වැඩි ප‍්‍රමාණයක් අයත් වනුයේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියටය. මෙහිදී විශේෂයෙන් දැකගත හැකි වනුයේ නේවාසික භාවිතයට හෙක්ටයාර් 24 ක් පමණ වෙන්වී ඇති අතර, විවෘත ප‍්‍රදේශ ලෙස හෙක්ටයාර් 20 ක් පමණ වෙන් වී ඇති බවයි.
විවෘත ප‍්‍රදේශ සහ විනෝද කටයුතු සඳහා සැලකිය යුතු භූමි ප‍්‍රදේශයක් වෙන් කිරීමටත්, එම ප‍්‍රදේශය දිවා කාලය මෙන්ම රාත‍්‍රී කාලයේ දී ද සජීවීව තබා ගැනීම උදෙසා නේවාසික භාවිතය ද තෝරාගත් කලාප තුළ ප‍්‍රවර්ධනය කිරීමටත් මෙම සැලසුම තුළින් අපේක්‍ෂා කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments