Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීම මෙරට බෞද්ධ අධ්‍යාපනයේ පුනර්ජීවනයට හේතුවන අතරම දේශීය මෙන් ම විදේශීය කාන්තාවන් අතර ද බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමට අවස්ථාවක් වන බව අමත්‍යවරයා සඳහන් කරයි.

බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතනවල ලබා දෙන අධ්‍යාපනය ගුණාත්මක මට්ටමකින් සහ  විධිමත් ආයතනික ව්‍යුහයක් තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් මෙම වැඩපිළිවෙළ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මේ වන විටත් ක්‍රියාත්මකව පවතින ආයතන ˝බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන˝ නමින් අනුමත කිරීමටත්, ඉදිරියේ දී එක් පළාතකට එකක් බැගින් වන පරිදි බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමටත්, පිරිවෙන් සඳහා ලබාදෙන ගුරු වැටුප් ඇතුළු සියලු වරප්‍රසාද  ලබාදීමටත් නියමිතයි.

බෞද්ධ දසසීල මාතා අධ්‍යාපන ආයතනයක මුලික පිරිවෙන් 1 වන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වීමට සහ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගම විසින් පවත්වනු ලබන විභාග සඳහා පන්ති පැවැත්වීමට ද හැකියාව තිබේ.

යම් බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතනයක 5 වන ශ්‍රේණියේ පාඨමාලාව අවසානයේ දී විභාග කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබන මූලික පිරිවෙන් අවසාන විභාගයත් ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග වලට පෙනි සිටීමටත් අවස්ථාව ලැබෙනවා.

මීට අමතරව බෞද්ධ දස සීලමාතාවන්ට සහ බෞද්ධ පරිසරයක අධ්‍යාපන ලැබීමට අපේක්ෂා කරන ගිහි ශිෂ්‍යාවන්ට අධ්‍යාපන පහසුකම් සැලසීමටත් මේ මගින් අවස්ථාව සැලසේ.

බෞද්ධ දස සීලමාතාවන් ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි බෞද්ධාගමික දස සීලමාතාවන් හැඳින්වෙන අතර බෞද්ධ කාන්තාවන් පමණක් බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතනවල සීලමාතා ආචාර්යවරුන් වශයෙන් පත් කිරීමට මෙම සංදේශය මගින් යෝජනා කර ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.