Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

වසංගතයට එරෙහිව චීනය සිදුකරනු ලබන සටනේදී ශ්‍රී ලංකාවෙන් ලැබූ දායකත්වය අගය කරමින් “ආදරණීය මගේ ශ්‍රී ලංකා මිත්‍රයින්ට ස්තූතියි” යනුවෙන් ලිපියක් ලියමින් ඔහු මේ බව සඳහන් කරයි.

වෛරසය ට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවට චීනය ලබාදුන් සහාය කිසිදා අමතක නොකරන බවත් චීන ජනපති ෂී ජින්ගේ නායකත්වය යටතේ වසංගතයට එරෙහි සටන චීනය ඉක්මනින්ම ජයගන්නා බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන්


සැතපුම් දහස් ගණනක් දුරින් සිටියසවිවිධ තරාතිරම්වල, ජනවාර්ගික කණ්ඩායම්වල සහ  විවිධ ආගමික විශ්වාසයන්ගෙන් යුත් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකික මිතුරන් ශ්‍රී ලාංකික ආකාරයෙන් චිනයට සහයෝගය ලබාදුන්නා. මාමෙන්ම සමස්ත චීන ජනතාවම වසංගතයට එරෙහිව සටන් වදින අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ලැබුණ සහාය පැරණි කියමනක්ව වන  “මිතුදම් දුරස්තභාවය ළංකරයි” යන කියමන සත්‍යයක් කළා.19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මගේ මව් රට දරන සෑම උත්සාහයක්ම දරන විට ශ්‍රී ලාංකික ජනතාව චීනය කෙරෙහි දක්වන වඩාත් සුහද සහයෝගීතාවය හා අවංක මිත්‍රත්වය පසුගිය දින කිිහිපයේදී මට අත්විදීමට අවස්ථාව ලැබුණි.

සිනහ මුසු මුහුණු සෑම විටම මට ධෛර්යය හා ආදරය ගෙන දුන්නා.  වසංගත රෝගයෙන් පසු සෑම දිනකම පාහේ තානාපති කාර්යාලයට මෙම සුන්දර දිවයිනෙන් සියලු ආකාරයේ සහයෝගය ලැබුණි. වසංගතයට එරෙහිව සටන් කිරීමේදී චීනයට දක්වන සහයෝගය ප්‍රදර්ශනය කිරීම සඳහා බොහෝ සිවිල් සමාජයන් ස්වේච්ඡාවෙන් තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී අපගේ ජාතික ධජ දෙක හා දැන්වීම් ඔසවාගෙන තම සහාය චීනයට ලබාදුන්නා.

“චීනය නැගී සිටින්න” යැයි වචන දෙක කීමට උඩරට සිටි වයසක යුවළක් පැය හයක ගමනකින් පසුව කොළඹට පැමිණ සිටියා. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තරුණියන් 43 දෙනෙකු චීනයේ ජනාධිපති ආර්යාවට සමූහ ලිපියක් හා චීනයට සහාය පළකරමින් ඇඳ තිබූ සිතුවම්ද යොමුකර තිබුණා. මෙම චිත්‍ර පසුපස කථාව වන්නේ අවංක හා මිත්‍රශීලී තරුණ හදවත්ය. ඔවුන් චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ අනාගතයයි.

වසංගතයට එරෙහිව සැතපුම් දහස් ගණනක් එහා සිට සටන් වදින චීන ජාතිකයන් වෙනුවෙන් බෝධි පූජා පැවැත්වීමට, යාඥා කිරීමට, අල්ලාහ් දෙවියන් යැදීමට ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව ජාතිය ආගම පසෙකලා කටයුුතු කළා. එය අසාමාන්‍ය කරුණක් ලෙස මම දකිනවා.

අති පූජනීය මල්වතු සහ අස්ගිරිය මහා නායකහිමිවරුන් මෙන්ම කොළඹ අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද චීනය වෙනුවෙන් තමන් වහන්සේලාගේ සහයෝගය පළ කළා. උන්වහන්සේලා  වෛරසය පරාජය කිරීම වෙනුවෙන් චීනයට විශේෂ ආශිර්වාදයක් ලබා දුන්හ. එමෙන්ම ශ්‍රී පොන්නම්බලවනේශ්වරම් කෝවිලේ හා දෙවටගහ පල්ලියේදී විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණි.

විවිධ දේශපාලන පක්ෂවල ජ්‍යෙෂ්ඨයින් නායකයින් ලබාදුන් සහයෝගීතාවය අපව දිරිමත් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිලෝන් තේ තොගයක් චීනයට පරිත්‍යාග කළ අතර එය වූහාන්  රෝගීන්ට සහ වෛද්‍යවරුන්ට විශේෂ සහනයක් වූයේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වසංගතයට එරෙහිව සටන් කරන චීන ජනතාව වෙනුවෙන් විශේෂ පිරිත් පිංකමක් සංවිධානය කර තිබුණි.  කථානායක කරු ජයසූරිය මහතා සිය පෞද්ගලික මුදල් පරිත්‍යාග කළේය.

හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වසංගතයෙන් ජය ගැනීම සඳහා ගත පියවර මෙන්ම දෙරටේ සහයෝගිතාව ගැන කිහිප වතාවක්ම සාකච්ඡා කළේය.  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චීන තානාපති කාර්යාලයට හා චීනය කෙරෙහි දක්වන සැලකිල්ල සහ සහයෝගය නිසැකවම පෙන්වා දුන්නේය. තවත් බොහෝ පාර්ශවයන් ලිපි මගින් හෝ දුරකථන ඇමතුම් මගින් සිය සහයෝගය ප්‍රකාශ කළේය.

මම විශේෂයෙන්ම මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගැන කිරීමට කැමැත්තෙමි. මාධ්‍ය සාකච්ඡා කිහිපයක්ම පවත්වමින් ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව මෙන්ම වසංගතය පාලනය කිරීමට චීනයට ඇති හැකියාව පිළිබඳව ඇගේ විශ්වාසය පෙන්නුම් කළා.

එල්ටීටීඊයට එරෙහිව සටන් කරද්දීත් සුනාමි ව්‍යවසනයෙන් අනතුරුවත් චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අමතක නොකරන බව මට සෑම අවස්ථාවකදීම කථාකරන ශ්‍රී ලාංකිකයන් පවසනවා.

චීනයේ නව චන්ද්‍ර වර්ෂය ආරම්භයේදී ඇතිවූ COVID-19 සටනට එරෙහිව චීනයට ශ්‍රී ලංකාව ලබාදුන්  සහයෝගයද කිසිදින අමතක නොකරනු ඇත. වසංගත විරෝධී සටනේදී, අපගේ සැබෑ මිතුරන් කවුරුන්දැයි අපි හඳුනා ගත්තා. තවත් පිරිසක් මෙම අවස්ථාවේදී අපව මග හැර ගියා. චීනය මුහුණ දුන් මේ අපහසු අවස්ථායේදී අපව තවත් පහතට දැමීමට උත්සාහ කළ පිරිසක්ද සිටියා.

අපි සත්‍ය මිත්‍රත්වය අගය කරන අතර සාගරවලට කිසි විටෙකත් චීනය සහ ශ්‍රී ලංකාව වෙන් කළ නොහැකි බව විශ්වාස කරන්නෙමි. ජනාධිපති ෂී ජින් පිංගේ දැඩි නායකත්වය යටතේ සහ සියලු උත්සාහයෙන් හා සාමූහික වෑයමක් දරමින් චීන ජනතාව වසංගතයට එරෙහි මෙම සටන ඉතා ඉක්මණින් ජය ගනු ඇතැයි මට විශ්වාසයි.

ජාතියේ සෑම තැනකම අපගේ මිත්‍රත්වය සහ ඔබේ සිනහ මුසු මුහුණ අපි සැමවිටම සිහිපත් කරන්නෙමු. මගේ හැඟීම් ඇත්ත වශයෙන්ම වචනවලින් ඔබ්බට ගොස් තිබේ. “මගේ ආදරණීය ශ්‍රී ලංකා මිතුරන්ට ස්තූතියි!”

සබැදි පුවත්----

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.