මදුරු මර්දන සතියේදී පාසල්වලත් විශේෂ වැඩසටහන්
- 2018-09-25 19:39:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික මදුරු මර්දන සතියට සමගාමීව හෙට ( 26දා) සිට ඔක්තෝම්බර් මස 02 වැනි දින දක්වා ඩෙංගු රෝග අවදානමින් දරුවන් රැකගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව පාසල් මට්ටමින් සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.
ඊසාන දිග මෝසම් වැසි ආරම්භයත් සමග දිවයින පුරා ඩෙංගු නැවතත් ඩෙංගු රෝගය මතුවීමේ අවදානමක් ඇති අතර, එම තත්ත්වය අවම කරලීමත්, පාසල් දරුවන් ඩෙංගු අවදානමින් මුදවා ගැනීමත්, අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන පිළිබඳව අදාළ සියලු පාර්ශ්ව මේ වන විටත් දැනුවත් කර ඇති අතර, ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක නොකරන පාසල්වල එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද උපදෙස් ලබාදී තිබේ.
එසේම තම පාසල මදුරුවන්ගෙන් තොර හොඳම පාසල බවට පත්කරගැනීමේ වැදගත්කම පිළිබඳව දරුවන් දැනුවත් කිරීමටද මෙහිදී නියමිතය.
පාසල තුළ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමේ කටයුතු සඳහා මෙම මස 28 වැනි දින වෙන් කර ඇති අතර, මෙම සතිය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඩෙංගු අවදානම සහිත කලාප පරීක්ෂා කිරීමටද නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments