මධ්‍යස්ථාන 3050කදී ශිෂ්‍යත්වය අනිද්දා
- 2018-08-03 15:19:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහවසර ශිෂ්‍යත්ව විභාගය අනිද්දා (05දා) විභාග මධ්‍යස්ථාන 3050කදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් පිහිටුවා තිබෙන අතර විභාගය සඳහා සිංහල මාධ්‍ය‘යෙන් අයදුම්කරුවන් 267,770ක් සහ දෙමළ මාධ්‍ය‘යෙන් 87,556 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.මේ අනුව මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 355,326 දෙනෙක්පෙනී සිටිති.
මෙවර විභාගයට අදාළව යම් පුද්ගලයෙකු, කණ්ඩායමක් හෝ ආයතනයක් ප්‍රවර්ධන කටයුතු සිදුකරනවා නම් ඒ පිළිබඳ ළඟම පොලීසියට, 119 ක්ෂණික දුරකථන අංකයට හෝ 0112421111 දුරකථන අංකය මගින් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේ නොමැති නම් 1911, 0112784208, 0112784537 යන දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මීට අමතරව උසස්පෙළ විභාගය 06 වැනි සඳුදා සිට සැප්තැම්බර් පළමුවැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2268කදී පැවැත්වේ. විභාගය සඳහා අපේක්ෂකයන් 321,469ක් පෙනී සිටීමට නියමිත අතර, විභාගය සම්බන්ධීකරණය කිරීම සඳහා මධ්‍යස්ථාන 311ක් පිහිටුවා ඇත.
විභාග වංචා වැළැක්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන අතර, විභාග පනත උල්ලංඝනය කරමින් කටයුතු කරන පිරිස්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඉන්දික හේවාවිතාරණ
Reply To:
Name - Reply Comment
0 Comments