Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 5,116 ක දී අපේක්ෂකයින් 688,573 දෙනෙකු අද (12) දින පෙනී සිටීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. විභාගය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදු කර අවසන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. එසේම විභාග නීති රීති අනුව කටයුතු කරන ලෙස සියලු විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

--------------------------------------------------------------------------------------------------------------------------------------

අ.පො.ස. සා.පෙළ විභාගයට ඉදිරිපත්වන සිසුන්ට අධ්‍යාපන ඇමැති සුබ පතයි !

අ.පො.ස.සාමාන්‍යපෙළ විභාගය සඳහා අද (12) දින පෙනී සිටින සියලු සිසුන්ට විභාගයට සාර්ථකව මුහුණ දී තම අනාගත කඩඉම ජයගැනීමට හැකි වේවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සුබ පැතුම් එක් කරයි. මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 5,116 ක දී අපේක්ෂකයින් 688,573 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

අධ්‍යාපන අමත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, විභාගය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදු කර අවසන් ව ඇති බවයි.

එසේම විභාග නීති රීති අනුව කටයුතු කරන ලෙස සියලු විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා දුම්රිය ප්‍රවාහන ගැටළු මතුවන්නේ නම් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත තම දරුවන් යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.