මනෝ උපදේශන ගුරුවරුන් පාසල්වලට
- 2017-01-23 19:15:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් දරුවන්මුහුණදෙන විවිධ මානසික ගැටලු විසඳිය හැකි මනෝ උපදේශනය පිළිබඳ සුදුසුකම් සපුරන ලද ගුරුවරුන්ගේ සේවය පාසල් සඳහා ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබේ.
පාසල් සිසුන් විවිධ මානසික ගැටලුවලට මුහුණදීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනික හා සමාජීය පැවැත්මට අහිතකර බලපෑම් එල්ලවන බැවින්, පාසල් තුළ දී වඩාත් සංවේදීව ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා මෙසේ මනෝ උපදේශනය පිළිබඳ පුහුණුවලත් ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතය.
ඒ අනුව ළමයින් 300 ට වැඩි පාසල් සඳහා මනෝ උපදේශන කටයුතු සඳහා ගුරුවරුන් බඳවාගැනීම් සිදුකිරීමට නියමිත අතර, මෙවැනි පාසල් 3,768 ක් පද්ධතිය තුළ ක්‍රියාත්මක බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මෙම පාසල්වල දැනට ගුරුවරුන් 1,039 දෙනෙකු මනෝ උපදේශන සේවයේ තාවකාලිකව යෙදී සිටින අතර, මීට අමතරව තවත් පුරප්පාඩු 2,753 ක් සඳහා ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ඒ හා සමාන පිළිගත් ආයතනයකින් ලබාගත් උපාධියක් සහිත උපාධිධාරීන්ගෙන් සුදුස්සන් බඳවාගැනීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments