Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගුරුතරුව බැස යයි

  • 2020-01-12 11:23:25
  • 0 Comments

ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද (12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට 71 වැනි වියේ පසුවූ මනෝරත්න මහතා තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක විය. මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන රැසක් හිමිකර ගෙන තිබේ. ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙවරක් කළ ජයලත් මනෝරත්න මහතා විශිෂ්ට කලාකරුවෙකු ද විය. දේහය පිළිබද අවසන් කටයුතු බදාදා(15) සිදුකිරීමට නියමිතය.
විශිෂ්ට කලාකරුවාණනි ඔබට අපගේ ආචාරය

ජානක ඉලුක්කුඹුරගේ පිටුවේ තිබු සහෘර්ද සටහනක්
ඔහුව ක්ෂේත්‍රයේ ප්‍රකටව ඇත්තේ වේදිකාවේ තුන්වැනි සීනුව ලෙසිනි. ඒ තරමටම ඔහුගේ වේදිකා ප්‍රවිශ්ඨ වීම ප්‍රබල වූ එකක් වීම මෙහි අරුතයි. එමෙන්ම ඉහතින් මා එක්කර ඇත්තේ වේදිකාව මත සිත් ඇදබැඳ ගනිමින් ඔහු විසින් ගායනයේ යෙදුණ ගීත දෙකකි. මේ ආකර්ෂණීය කලාකරුවාණන් හඳුන්වන්නට තවදුරටත් අටුවා ටිකා අවශ්‍ය නොවේ. ඒ ඔහු කවුරුන්ද යන්න දැනටමත් ඔබ දන්නා බැවිනි.

අද මේ කෙටි විමසුම වෙන්වන්නේ කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න නම් ප්‍රතිභාපූර්ණ රංගනවේධියාණන් වෙනුවෙනි. 
------///------ 
1948 ජූනි 12 වෙනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් ග්‍රාමීය ප්‍රදේශයක දරුවන් හයදෙනෙකුගෙන් යුතු පවුලක බාලයා ලෙස ඔහු උපත ලබන්නේය. ඔහුගේ පියා ලොරි රියදුරෙකු වූ අතර මව සාමාන්‍ය ගෘහණියක වූවාය. 
මුලින්ම දෙහිපේ ප්‍රාථමික විදුහලෙනුත් පසුව ඉහළ පන්ති ඉගෙනුම සඳහා පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඔහුව ඇතුළත් කෙරිණ. 
මුල් කාලයේ සිටම ගායනය සහ රඟපෑම කෙරෙහි ඔහුගේ සිතෙහි උනන්දුවක් පැවතින. එය හඳුනාගත් විදුහලේ සංගීත ගුරුවරයාව සිටි සුනිල් ශ්‍රියානන්ද මහතා ඔහුගේ සහජ හැකියාවන් මතුකර ගැනීමට අනගි සහායක් ලබාදීමට වගබලාගත්තාය. මේ අනුව ඔහුගේ නිර්මාණයක් වූ 'අස්ප ගුඩුං' නාට්‍යය රඟපෑම සඳහා පාසැල් ශිෂ්‍ය මනෝරත්නව තෝරාගැනිණි. එය 1966 වසරේ දීපව්‍යාප්ත පාසැල් නාට්‍යය තරගයේ අවසන් නාට්‍ය කිහිපය අතරට එක්වූවා සේම මනෝරත්නගේ චරිත නිරූපණය ඉමහත් පැසසුමට ලක්විය. මෙලෙසින් පාසැල් වියෙහිදීම ඔහු කලාකෙතේ ප්‍රථම අත්දැකීම ලබාගැනීමට සමත්වන්නේය.

උසස් පෙල සමත්වීමෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රපති බී. ඒ. උපාධිය සඳහා ඉගෙනුම කරනා සමයේදී 
ඔහුට ඇදුරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් මුණගැසීම සිදුවෙයි. මෙම හමුව ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ඇතිකලා යැයි පැවසුවොත් නිවැරැදිය. එතුමන්ගේ ගුරු හරුකම් ලබමින් තවදුරටත් ඔහු තුළ පැවති කුසලතාවයන් වර්දනය කරගැනීමට ඔහුට මෙහිදී හැකිවන්නේය. 
එතුමන්ගේ නාට්‍ය නිර්මාණයක් වූ 'පේමතෝ ජායතී සෝකෝ' වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතුවල නිරතවෙමින් සිටියදී තම අනාගත බිරිඳ තමරා ජයන්ති මුණගැසීම මේ අතරේ වූ විශේෂ සිදුවීමකි. 
එතැන් පටන් මහාසාර, මනමේ, සිංහබාහු, හස්තිකාන්ත මන්තරේ, එලොව ගිහින් මෙලොව ආවා, නරියා සහ කේජු, මකරා, චූලෝදර මහෝදර, ගජමන් පුවත, නරි බෑණා, රතු හැට්ටකාරී, දුන්න දුනුගමුවේ, පොකුරු වැස්ස, රාස්සපති, සිරි සඟබෝ, අසාත මන්තරේ, අහස් මාලිගා, සුභ සහ යස, අංගාරා ගඟ ගලාබසී, දිවැස් හෙලනු මැන, මෝදර මෝල, මහ ගිරි දඹ, මා වැනි බිළින්දා, සහතික නොකල මරණයක්, සෙල්ලම් නිරිඳු, සත සහ සත, සොක්‍රටීස්, රයිනෝසිරස්, මායා දේවී, තාරාවෝ ඉගිලෙති, ඔත්තුකාරයා, උක් දඬු ගින්න, සුද්දෙක් ඔබ අමතයි, වාසුදේව, ද්විත්ව, හොරු සමග හෙළුවෙන් ආදී මෙහි සඳහන් කල නොහැකි තරම් වේදිකා නාට්‍ය ගනනාවකට ඔහු රංගනයෙන් දායක විය.

තලමල පිපිලා, සඳගිර, ගුරු තරුව, අන්දරේලා, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, ඔහු රචනා කරමින් රඟපෑ ඉතාමත් ජන ප්‍රසාදයක් දිනූ වේදිකා නාට්‍ය නිර්මාණ කිහිපයකි. එමෙන්ම මහගම සේකරයන්ගේ කෘතියක් අනුව 'ලෝකය තනි යායක්' නාට්‍ය නිර්මාණය බිහිකරන්නට හෙතෙම සමත්විණි.

මනෝරත්නයන් රඟපෑ වේදිකා නාට්‍ය ප්‍රමාණය 80 ඉක්මවා ඇති බව සඳහන්ය. ඒ ඔස්සේ හොඳම නළුවා, හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය යනාදී ඉසව් කිහිපයක්ම සඳහා රාජ්‍ය සම්මාන දිනාගත්තේය. වේදිකාව තුළ ආකර්ෂණීය දැවැන්ත ප්‍රතිරූපයක් ඔහු අත්පත් කරගන්නේ මෙලෙසිනි. 
ඔහු කලා ක්ෂේත්‍රය තුළ විහිදී කටයුතු කල ඉතාමත් සුවිශේෂී චරිතයක් බව කිවයුතුමය. ගුවන්විදුලි නාට්‍ය පිටපත් ගනනාවක් ඔහු අතින් ලියැවුණු අතර බුද්ධදාස ගලප්පත්ති සහ සුනිල් ආරියරත්නයන් හා එක්ව 'පියසේන සහ කුමාරිකාව', 'දොලොස්මහේ පහන', 'දවස තවමත් තරුණයි' යන ග්‍රන්ථ කිහිපයක් රචනා කලේය. 
ඔහුගේ සිනමා ප්‍රවිශ්ඨය සිදුවන්නේ අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කල 'තිලක හා තිලකා' චිත්‍රපටයෙනි. නමුත් මගේ මතකයේ ඔහු මුලින්ම තැන්පත් වූයේ ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කල 'හඳයා' චිත්‍රපට එන ඉතාමත් කෙටි රඟපෑමක් (නිවේදක) තුලිනි. 
ඉන් අනතුරුව සිරිබෝ අයියා, උමයංගනා, මංගල තෑග්ග, ස්ත්‍රී, සුදු කළුවර, සිරි රජ සිරි, පුංචි සුරංගනාවි, හිරි පොද වැස්ස, දරුවනේ, හෝ ගානා පොකුණ, වලා පටල, ප්‍රවේගය, වෛෂ්ණාවී, තාල, ගෝල් යනාදී චිත්‍රපට ගනනාවකටද රඟපෑමෙන් එක්විය. 
ඔහු පුංචි තිරයටද පිවිසෙමින් හිරු සඳු හමුවේ, හිරුට මුවාවෙන්, හත් පන, සිංදුයි බිංදුයි, ගම් පෙරළිය, බුමුතුරුණු, කන්දේ ගෙදර, දූ දරුවෝ, මැණික් නදිය ගලාබසී, ඇබැද්දිය, බෝඩිම, මඩොල් දූව, මිනිස්සු, මොරගිරි කන්ද, නොපිපෙන මල්, සෙදෝනා, රෝද හතරේ මනමාලයා, උතුවන්කන්දේ සූර සරදියෙල්, ඉරට හඬනා මල්, වලාකුළු, වන බිමේ සිරකරුවා, ගල් පිලිමය සහ බොල් පිලිමය, වැටෙන් එහා, වර්ණ, ගජමන් නෝනා, සින්තටික් සිහිනය, සුබ අනාගතයක්, රම්‍ය සුරම්‍ය, සඳ අමාවකයි, සකිසඳ එලියස් වැනි ටෙලිනාට්‍යවල කැපී පෙනෙන චරිත නිරූපණයන් ඉදිරිපත් කලේය. ඔහු තමාගෙම රචනයක් වූ 'තුන්පත් රටාවක ලස්සන' නම් ටෙලිනාට්‍ය තුළ ප්‍රථම වතාවට චරිත තුනක් නිරූපණය කිරීම විශේෂ සිදුවීමකි. එකිනෙකට වෙනස් මේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය චරිත නිරූපණයන් බොහෝමයක් සඳහා O.C.I.C., ජනාධිපති සම්මානය, සරසවි, රයිගම්, සුමති සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේය. මෑතකදී කල චිත්‍රපට රඟපෑමකට හොඳම නළුවා ලෙස ජාත්‍යන්තර සම්මානයටද ඔහු පාත්‍රවූ බව මතකයේ පවතී. 
'සෙක්කු ගෙදර' ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයක් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් රූපවාහිනීයේ ප්‍රදර්ශනය විය.

2014 වසරේදී 'දවස් පහලොස් දාහ' නමින් ඔහුගේම වේදිකා නාට්‍ය උලෙළක් පැවැත්විණි. එහිදී ලෝකය තනි යායක්, සෙල්ලම් නිරිඳු, තල මල පිපිලා, ගුරු තරුව, බූරුවා මහත්තයා, අන්දරේලා සහ පුත්‍ර සමාගම යන වේදිකා නාට්‍ය රඟ දැක්වුනි.

ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය (B.A) උපාධිය හිමිකරගත් අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලේඛනය සහ සන්නිවේදනය උපාධිය (M.A) හිමිකරගත්තේය.

රඟපෑම කරනා අතරේ කලක් මහවැලි සංවර්ධන මණ්ඩලයේ සහ තවත් රැකියාවන් කිහිපයකම සේවය කිරීම විශේෂත්වයකි.

ඔහුගේ පුතු භානුක'ගේ රඟපෑම 'සුභ අනාගතයක්', 'මඩොල් දූව' සහ තවත් ටෙලිනාට්‍ය කිහිපයකින් අපට දැකගැනීමට හැකිවිය.

ඔහු 1970 සිට 2019 දක්වා අඛණ්ඩව කලාවේ අංශ ගනනාවක් ඔස්සේ වචනයෙන් විස්තර කල නොහැකි මෙහෙවරක් ඉටුකල අපූර්වතම කලාකරුවෙකි. ඔහු ලොවට ජනිතව ඇත්තේ රංගනය වෙනුවෙන්ම යැයි වරෙක මට සිතේ. ඒ තරමටම ඔහුගේ රඟපෑම ආකර්ෂණීය බවින් යුතුය. එතෙක් මෙතෙක් කල ඇති සෑම චරිතයකටම උපරිම සාධාරණත්වයක් ඉටුකල රංගනවේධියෙකි. මෙය ඔහු පොතපත ඇසුර, නිරන්තර අභ්‍යාසය තුළින් ගොඩනගාගත් පසුබිමකි. ඔහු නිරූපණය කල සුළු චරිතයක් පවා අපගේ මතකයේ රැඳී පවතින්නේ ඒ නිසාමය. කෙටියෙන් පැවසුවොත් ඔහු තමා ඉදිරිපත් කරන කුමන හෝ චරිතයක් විඳිමින් රඟපෑමෙහි යෙදෙන අපූරු රංගනවේධියෙකි. එය නරඹන අපට හොඳින්ම දැනෙයි. භාහිර පෙනුමෙන් ගත් කලද ඔහු දැකීමට ප්‍රිය උපදවන අපූරු චරිතයකි. උදාහරණයක් ලෙස 'සූරිය අරණ' චිත්‍රපටයේ භික්ෂූ චරිතය, හඳයා සහ සිරිබෝ අයියා චිත්‍රපටයේ කෙටි රඟපෑම, මංගල තෑග්ග හී මිතුරාගේ චරිතය, 'හෝ ගාන පොකුණ' චිත්‍රපටයේ රඟපෑම, 'සකි සඳ එලියස් හී එලියස් චරිතය, රම්‍යා සුරම්‍ය ටෙලිනාට්‍ය තුළ එන අපූරු චරිත නිරූපණය දැක්විය හැකිය.

මෑතකදී එතුමා අසනීප තත්වයෙන් සිටිනා බව දැනගන්නට ලැබුණි. කලක සිට ඔහු වෙනුවෙන් සිතුවමක් සහ සටහනක් එක්කිරීමට සිටියද නොයෙකුත් හේතු නිසා එය මගහැරුනි. නමුත් අද දිනයේ මා අඩුපාඩු මැද හෝ එය ඉටුකර ගත්තෙමි. 
දයාබර ජයලත් මනෝරත්න ප්‍රවීණ කලාකරුවාණෙනි., අප රටේ මෙන්ම ලෝකය පුරා විසිර සිටිනා ඔබේ රඟපෑම ප්‍රියකරන සැම හා එක්ව ඔබට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු


0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.