මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද ඇරැඹෙයි
- 2017-07-24 07:40:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය සේ සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අද (24) ආරම්භ වෙයි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිවු මහ දේවාලයන්හි අද පෙරවරු 6.58 ට යෙදෙන සුබ නැකතට අනුව උතුරු දිශාභිමුඛව කප් සිටුවීමේ සිදු කෙරිණ. කප් සිටුවීමේ චාරිත්‍රයෙන් පසු අද දින සිට 28 දින දක්වා පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙයි. පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර චාරිත්‍රනූකූලව 29 දින වීදී සංචාරය කෙරේ. කුඹල් පෙරහර 29 සිට අගෝස්තු මස 02 දින දක්වා වීදී සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ අගෝස්තු මස 03 දින සිටය. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පසළොස්වක පොහෝ දිනය යෙදෙන 07 දින වීදී සංචාරය කිරීමෙන් අනතුරුව පසු දින දහවල් පෙරහරින් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.
විඩියෝ පටය ශ්‍රී දළදා මාලිගාවෙනි
කප් සිටුවීමේ මංගල්ලය යනු
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර හා සම්බන්ධ මූලික සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් පසු පෙරහර හා සම්බන්ධයෙන් සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේ සුභ මුහුර්තියෙන් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්ලය සිදුකිරීමයි.
කප යනු ‘කණුව’ හෙවත් ‘කැප කිරීම’ යන තේරුම ගෙන දෙන වචනයකි. බොහෝ වැදගත් කාර්යයන් ආරම්භයේ දී මුල් ගලක් හෝ කපක් සිටුවීම පුරාණ චාරිත්‍රයකි. එකී චාරිත්‍රයට අනුකූලව සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් අපේක්ෂා කෙරෙනුයේ පෙරහරේ නියැලෙන්නවුන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය සහ කිසියම් උපද්‍රවයක් නොමැතිව පෙරහරේ සියලු කාර්යයන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගැනීමට දේවාශිර්වාදය ලබාගැනීමයි. එහි ඇති වැදගත්කම නිසාම කප සිටුවීමේ චාරිත්‍රය වටා විවිධ චාරිත්‍ර හා පුද සිරිත් ගොඩනැඟී ඇති බව පෙනේ.
කප සිටුවීමේ චාරිත්‍ර ඉටු කෙරෙනුයේ සතර දේවාලයන්හිය. එය දළදා මාළිගාව හා සම්බන්ධිත චාරිත්‍රයක් නොවේ. මෙම චාරිත්‍රයෙහි මූලික කටයුතු හා ඒ ඒ දේවාලයන්ට කප බෙදාදීම මුල් කාලයෙහි දී පැවරී තිබුණේ අලුත්නුවර උපුල්වන් මහදේවාලයටයි.
මහනුවර මහදේවාලය හෙවත් විෂ්ණු දේවාලය ගොඩනැඟුනාට පසු කප සූදානම් කිරීමේ භාරය මහනුවර මහා විෂ්ණු දේවාලයට පැවරී ඇත. කප සඳහා තෝරාගැනෙනුයේ නැඟෙනහිර දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන පණස වෘක්ෂයේ ශාඛාවකි. බොහෝවිට මේ සඳහා තෝරාගනු ලබනුයේ ඵල නො දරන කොස් පැළයකි. වියත් තුනක පමණ ළපටි, පුරුෂ ගසකි. ගස තෝරාගෙන විෂ්ණු දේවාලයේ ගස් කපන්නා ප්‍රධාන පිරිස පෙරහරින් ගොස් ගස වටා පිරිසිදු කොට, සුවඳ දුම් අල්වා, සුවඳ පැන් ඉස්වා, ගස කැපකර, ගස වටා පහන් නවයක් දල්වා, බුලත් කොළ නවයක මල් වර්ග නවයක් තබවා, සුදුවතින් සැරසුනු විෂ්ණු දේවාලයේ ගස් කපන්නා නැඟෙනහිරට වැටෙන සේ ගස කපා හෙළයි. ඉන් මුල් කොටස නාථ දේවාලයට ද, දෙවන කොටස විෂ්ණු දේවාලයට ද, තුන්වන කොටස කතරගම දේවාලයට ද, සිව්වන කොටස පත්තිනි දේවාලයට ද වෙන්කර දෙනු ලබයි. ඉක්බිති සුදු පිරුවටයකින් ‘කප’ ඔතා ස්වකීය දේවාලයට පෙරහරකින් රැගෙන ගොස් සුභ මුහුර්තියෙන් දේවාලයෙහි ඉදිරිපිට සකස් කරන ලද විශේෂ ස්ථානයෙක වටතිර බඳවා, උඩු වියන් යොදවා, මනාව සරසා, කණින ලද කුඩා වළෙක සුභ නැකතින් ‘කප’ තැන්පත් කරනු ලබයි.
අවට මල් දමින් සරසා සිටුවනු ලැබූ කප දෙපස ලෙලි පොල්ගෙඩි තුනක් තබා, පහන් තුනක් දල්වා තබයි. පෙරහර පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ ප්‍රධාන සතර මහා දේවාලයන්හි දෙවි දේවතාවුනට පූජෝපහාරය දැක්වීමයි. ඊට අමතරව වැස්ස ප්‍රාර්ථනා කොට වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියා පිදීම එක් අරමුණෙකි. මෙසේ කප් සිටුවා කලට වැසි ලැබී, රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇති වන ලෙස ප්‍රාර්ථනා කෙරේ. ඒ ඒ දේවාල වල කපු මහතුන් සිට වූ ‘කප’ වටා පංචතූර්යය නාදයෙන්, භක්ති ප්‍රණාමයෙන් දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් තිස්සේ පවත්වයි. පැරණියේ දී මහනුවර අවට දෙමාපියන්, ස්වකීය කුඩා දරුවන්ට පළමුව පෙන්වනු ලැබූයේ මෙසේ දේවාලවල පැවැත්වූ පළමු අභ්‍යන්තර පෙරහරයි. එය නෑඹුල් පෙරහරක් වශයෙන් සැලකිණ. එම පෙරහර පෙන්වීමෙන් වස් දොස් නැති වන බවට විශ්වාස කෙරිණ. මෙසේ දින පහක් තිස්සේ අභ්‍යන්තර පෙරහර පැවත්වා, ‘කප’ දියකැපුම් මංගල්ලයේ දී ගැටඹේ තොටට ගෙන ගොස් දිය කපන දියඹෙහි, පා කර යවනු ලබයි. (දළදා මාලිගාව)
| පළමු කුඔල් පෙරහර | 2017 ජුලි 29 වනදා |
| දෙවන කුඔල් පෙරහර | 2017 ජුලි 30 වනදා |
| තුන්වන කුඔල් පෙරහර | 2017 ජුලි 31 වනදා |
| හතරවන කුඔල් පෙරහර | 2017 අගෝස්තු 01 වනදා |
| පස්වන කුඔල් පෙරහර | 2017 අගෝස්තු 02 වනදා |
| පළමු රන්දෝලී පෙරහර | 2017 අගෝස්තු 03 වනදා |
| දෙවන රන්දෝලී පෙරහර | 2017 අගෝස්තු 04 වනදා |
| තුන්වන රන්දෝලී පෙරහර | 2017 අගෝස්තු 05 වනදා |
| හතරවන රන්දෝලී පෙරහර | 2017 අගෝස්තු 06 වනදා |
| පස්වන රන්දෝලී පෙරහර | 2017 අගෝස්තු 07 වනදා |
| දවල් පෙරහර | 2017 අගෝස්තු 08 වනදා |
Reply To:
Name - Reply Comment
0 Comments