Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාළයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගොස්තු මස 02 දින ආරම්භ කෙරෙන බවත්  රට තුළ පවතින වාතාවරණය අනුව මෙවර මහනුවර ඇසළ පෙරහර සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට නියමිත බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දේවාළ අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 05 දින වීදී සංචාරය කිරීමට නියමිතය. කුඹල් පෙරහර අගෝස්තු මස 05 දින සිට 09 වන දින දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහර 10 දින ආරම්භ කරන බව ප්‍රදීප් නිලංගල දෑල මහතා පැවසුවේය.

රන්දෝලි පෙරහර 10 සිට 14 දින දක්වා පැවැත් වීමට නියමිතය. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 14 දින වීදී සංචාරය කිරීමෙන් පසු 15 දින අලුයම ගැටඹේ දිය කපනා තොටේදී දිය කැපුම් මංගල්‍යය පැවැත්වෙන බවත් එදින දහවල් පෙරහර ගෙවැදීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වීමට නියමිත බවත් දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.

විඩියෝව- ශ්‍රී දළදා මාලිගා මාධ්‍ය ඒකකය

ඇසළ පෙරහර මංගල්ල දිනයන් 2019

දිනය                                                              පෙරහැර                                                                         
1    අගෝස්තු               2019 කප් සිටුවීම
5     අගෝස්තු              2019 1  වන    කුඔල් පෙරහැර
6      අගෝස්තු              2019 2  වන    කුඔල් පෙරහැර
7      අගෝස්තු              2019 3  වන    කුඔල් පෙරහැර
8      අගෝස්තු              2019 වන       කුඔල් පෙරහැර
9      අගෝස්තු              2019 වන       කුඔල් පෙරහැර
10    අගෝස්තු              2019  වන         රන්දෝලි පෙරහැර
11    අගෝස්තු              2019 2 වන        රන්දෝලි පෙරහැර
12   අගෝස්තු               2019 වන         රන්දෝලි පෙරහැර
13  අගෝස්තු               2019 වන         රන්දෝලි පෙරහැර
14  අගෝස්තු                2019  අවසන් රන්දෝලි පෙරහැර
15  අගෝස්තු                2019   දවල් පෙරහැර

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.