Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලංකාවේ මහනගර සභා බලප්‍රදේශවල කසළ වෙන්කර බාරගැනීමේ වැඩසටහන නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.

නිවෙස් මට්ටමින් වෙන් කරන ලද කසළ එකතු කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට අවශ්‍ය සම්පත් ලබා දී තිබෙන බවත්, දිරන කසළ සහ නොදිරන කසළ වෙන් නොකර තිබේනම් භාර  නොගන්නැයි අදාළ ආයතනවලට  දන්වා තිබෙන බවත් ලේකම්වරයා පවසා සිටියේය.

ඒ පිළිබඳ පළාත් පාලන ආයතන මාර්ගයෙන්  මහජනතාව දැනුම්වත් කිරීමේ කටයුතු  මේවනවිට ආරම්භ කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මහජනතාව කසළ වෙන් කළ පසු පළාත් පාලන ආයතන විසින් ඒවා ගෙනයනු ලබන දිනවකවානු සම්බන්ධව ද එහිදී දැනුවත් කරන බවද ඔහු කීය.

මුල් අදියරේදී මහනගර සභාවල මෙම වැඩසටහන ක්‍රියාතාමක කරන බවත්, ඉන්පසුව අනෙකුත් සියලුම පළාත් පාලන ආයතනවල එය ක්‍රියාත්මක කරන බවත් පත්මසිරි මහතා සඳහන් කළේය.

තැන් තැන්වල කසළ දමන ආයතනවලට සහ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පරිසර පොලීසියට  උපදෙස් ලබාදුන් බවද ලේකම්වරයා පවසා සිටියේය.

කසළ වෙන්කර බාරනොදෙන අයට විරුද්ධව පළාත් පාලන ආයතන හරහා දඩ අයකිරීමට නීතිමය බලතල තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

නොදිරන කසළ රුගෙනයෑම සඳහා පළාත් පාලන ආයතන සමග පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධ වී සිටින බවද හෙතෙම කියා සිටියේය.

මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙන බව කී කමල් පත්මසිරි මහතා අමාත්‍ය මණ්ඩලය විසින් මේ සඳහා කමිටුවක් පත්කර ඇති බවද කියා සිටියේය. විශේෂ ව්‍යාපෘති ඇමතිවරයා,මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමතිවරයා,නීතිය,සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමතිවරයා සහ පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා එයට සම්බන්ධ වී සිටින බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Gb-3

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.