මාතර සුජාතා හා මහින්ද විදුහල් උසස්පෙළ විශිෂ්ඨයෝ ඇගයෙති
- 2018-01-09 12:27:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ මාතර සුජාතා විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු සිසුවියන් අද (09දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
එම දරුවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඔවුන්ට සිය සුභාශිංසන පිළිගැන්වූ අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ද සිය ආශිර්වාදය පළ කළ බව ජනපති මාඡ්‍ය අංශය කියයි.
මාතර සුජාතා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිට ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනූ දිලිනි සදුනිකා පළිහක්කාර, වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනූ එස්.ඒ. දුලානි රසන්තිකා, කලා අංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානය දිනාගත් උචිනි ෂිහාරා සූරියආරච්චි යන සිසුවියන් ද, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට ඉංජිනේරු තාක්ෂණවේද විෂයෙන් දිවයිනේ ප්‍රථමස්ථානය ලැබූ පාරමී ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි සහ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනූ බී.ඒ. හසිත් පුන්සර යන සිසු සිසුවියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඔවුන් වෙත තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments