Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඩෙංගු රෝග වාහක ඊඩිස් ඊජිප්ටායි මදුරු විශේෂය මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකින් හමුවීමත් සමග මාතලේ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය ව්‍යසනයක ආකාරයෙන් පැතිර යාමේ අවදානමක් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එම්.විජේකෝන් මහතා පවසයි .  ඊඩීස් ඊජිප්ටායි මදුරුවාට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරිමේ හැකියාවක් ඇති බැවින් මෙම අනතුර ඇගවීමට සිදුව තිබෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබේන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග තත්ත්වය පිළිබදව අනතුරු ඇගවු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙම ව්‍යසනයෙන් මාතලේ ජනතාව මුදා ගැනීමට සෑම රාජ්‍ය ආයතනයක්ම සාමූහිකව ක්‍රියා කිරීමේ අවශ්‍යතතාවක් ඇති බවද පෙන්වා දෙති. මේ සදහා සෑම රජයේ කාර්යාලයකම ඩෙංගු රෝගය පිළිබදව වගකීමට හැකි නිලධාරියෙකු බැගින් පත් කිරිමේ අවශ්‍යතාවද විජේකෝන් මහතා පෙන්වා දුන් අතර ගතවු මාස 10 ට පමණක් මාතලේ දිස්ත්‍රික්කය තුළින් ඩෙංගු රෝගින් 925 දෙනෙකු  වාර්තාවුනු බවද පැවසීය . මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, මාතලේ , රත්තතොට හා මාතලේ නගර සීමාවන්හි රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර නගර සභා සීමාවෙන් පමණක් රෝගින් 215 ක් වාර්තාවී ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.