Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බෝ නොවන රෝග පිළිබඳ  ශ‍්‍රි ලංකාවේ පළමු ජංගම දුරකථන සමීක්ෂණය මාර්තු මාසය අවසානයේ ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය කියයි. දකුණු ආසියාතික රටක ජංගම දුරකථන උපයෝගී කරගෙන දුරකථන සමික්ෂණයක් පැවැත්වෙන්නේ පළමු වතාවටය.  ආසියාවේ ද මේ වනතෙක් මෙවැනි සමික්ෂණයක් සිදු කර ඇත්තේ පිලිපීනයේ පමණක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග කාර්යංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයසේන මහතා කීය. සමික්ෂණය සඳහා අහඹු ලෙසින් ජංගම දුරකථන තෝරාගන්නා අතර ඒ තෝරාගැනීම් සිදු කරන්නේ පරිගණක ආශ්‍රීතව බව කී ජයසේන මහතා 1995 අංකයෙන් මෙම ඇමතුම ලැබෙනු ඇතැයි ද කිය. මෙහිදී විනාඩි 5 ක් පමණ කාලයක් ප‍්‍රශ්නාවලියක් යොමු කෙරේ. 
ඇමතුම ඇරඹෙන්නේ මෙම සමික්ෂණයට සහභාගිවීමට කැමති ද නැද්ද යන්න විමසමින්  බවත් එයට අකමැති බවට පිළිතුරු දුනහොත් යළිත් කිසිදු අවස්ථාවක දී මේ සමික්ෂයට එම අංකයෙන් කතා නොකරයි.  ස්ථාවර දුරකථන මගින් මෙම පරික්ෂණය සිදු නොකරයි. සතියේ දිනවල පෙරවරු 8 රාත‍්‍රී 8 ත් දක්වා මෙම සමික්ෂණය පැවැත්වේ. සෙනසුරාදා ඉරිදා පෝය ඇතුළු රජයේ නිවාඩු දිනවල ද සමික්ෂණය සිදුනොකරයි.

 

යම් දුරකථනයකට 1995 න් ඇමතුම එන විට එහි හිමිකරු යම් වැඩක යෙදී සිටින බැවින් ඇමතුම විසන්ධි කළහොත් එම අංකයටම පැය 50 කට පසු ඇමතුමක් ලැබෙනු ඇති අතර එහි දී ඇමතුම විසන්ධි කළ අවස්ථාවේ සිට ඉදිරියට ගෙනයනු ඇත.  සමික්ෂණය සඳහා බ්ලූවර්ක් පිලොන් ට‍්‍රැෆිස් හා ඩේටා ෆෝ හෙල්ත් ඉන්සිටිටියුට් යන ඇමරිකානු විසින් දරනු ලබයි. සමික්ෂණය සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනුමැතිය ලබා ඇති අතර මෙරට පවතින සියලු දුරකථන ජාලවල හරහා සමික්ෂණයට දුරකථන අංක තෝරා ගනු ඇත.
ශ්‍රී ලංකාවේ වසරකට මරණ 138000 ක් සිදු වන අතර එයින් සෑම පස්දෙනෙකුගෙන් හතර දෙනෙක්ම මිය යන්නේ බෝනොවන රෝග හේතුවෙනි. මෙයින් පහෙන් එකක් මිය යන්නේ අකාලයේ බවත් ඔවුන් අවුරුදු 18ත් 70 ත් අතර වන බවත් කියැවේ. 
අධි රුධිර පීඩනය, අංශභාගය, පිළිකා, හෘදරෝග, ශ්වසනය සම්බන්ධ රෝග හා වකුගඩු රෝග බෝනොවන රෝග ලෙස සළකනු ලබයි. මේ සම්බන්ධ තොරතුරු එකතු කිරීමෙන් පසු ජනතාවගේ ආහර පරිභෝජන රටාව, වතුර, දුම්බීම, මේ සඳහා අවශ්‍ය දත්ත වන අතර සමීක්ෂණය මාර්ගයෙන් මෙම දත්ත ලබා ගත් පසු සෞඛ්‍ය අමාත්‍යංශත්‍ය් විද්වත් මඩුල්ලක් විසින් අවශ්‍ය විශ්ලේෂණය කර නිර්දේශ ඉදිරිපත් කෙරේ. කෙසේ වෙතත් කිසිදු අවස්ථාවක කිසිදු තැනැත්තෙකුගෙන් හැඳුනුම්පත් අංකය වැනි තොරතුරු නොවිමසයි. අසමික්ෂණයට සහභාගි විම වෙනුවෙන් කිසිදු ගෙවීමක් නොකරන අතර කිසිදු අයකිරීමක් ද සිදු නොවේ. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.