මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම නගී
- 2018-05-21 16:45:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නගිමින් පවති. මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීම තිබෙන බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02ක් ඊයේ (20) පස්වරුවේ සිට විවෘත්ත කර ඇත. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යන බැවින් ගඟේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිලිමත්වන ලෙස විදුලිබල මණ්ඩලය හා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
පැය 24 පුරා වර්ෂා තත්වය පැවතිම හේතුවෙන් මෙම ජලාශ පිහිටි ජල පෝෂක ප්‍රදේශවල දිය ඇලි සක්‍රීය වී හා කැළණි ගඟේ අතු ගංගා සියල්ලේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
Reply To:
Name - Reply Comment
0 Comments