මියගිය ඇලි ඇතුන්ගේ කොටස් ඇත්දළ ළඟ තබාගැනීම වරදක් - වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව
- 2018-08-24 11:07:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මියගිය අලිඇතුන්ගේ ශරීර කොටස් ළඟ තබාගැනීම හා බලපත්‍රයක් නොමැතිව ඇත්දළ ළඟ තබාගැනීම දඬුවම් ලැබෙන වරදක් බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අලි අස්ථි හා ඇත්දළ කොටස් සමග උතුරු පයාගල ප්‍ර‘දේශයේදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු පසුගිය 17 වැනිදා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 31 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කළ බවද එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය සඳහන් කළේය.
වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥපනතට අනුව මියගිය අලිඇතුන් රජයේ දේපොළක් බවත්,එවැනි සතෙකුගේ ශරීර කොටස් ඉවත් කිරීම, විකිණීම,ළඟ තබා ගැනීම හා මිලට ගැනීම නීති මගින් දඬුවම් ලැබෙන වරදක් බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මියගිය හස්තියෙකුගේ ඇත්දළ ළඟ තබා ගැනීමට නම්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බලපත්‍රයක් ලබාගත යුතු බවත්, එසේ නොකොට ඇත්දළ ළඟ තබා ගැනීම නීතිවිරෝධී කටයුත්තක් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එවැනි වැරදි සඳහා1982 අංක 12 දරන පොදු දේපොළට එදිරිව වූ වැරදි පිළිබඳ පනත යටතේ හා වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක අඥාපනත යටතේ නීති මගින් කටයුතු කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. උතුරු පයාගල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ,අලිඅස්ථි කොටස් සහ ඇත්දළ කොටස් දෙකක් ළඟ තබා ගැනීම හා අලි අස්ථිවලින් සහ ඇත්දඝ කොටස්වලින් බීරලු හාවිවිධ විසිතුරු භාණ්ඩනිෂ්පාදනය කිරීමේ චෝදනාව මතය.(WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments