මිහිඳු හිමි පිරිනිවන් පෑ වප් පුර අටවක පොහෝ දින ජාතික නිවාඩු දිනයක් වෙයි
- 2019-10-01 11:03:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබේ. අනුබුදු මිහිඳු මහරහතන් වහස්සේ පිරිනිවන් පා වදාළ වප් පුර අටවක පොහෝ දිනයක බැවින් උන්වහන්සේට කෘතගුණ දැක්වීමක් ලෙස ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටත් නියමිතව ඇත.
මිහින්තල පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ඇතුළු 'අනුබුදු මාහිමි කෘතගුණ පූජා' පුණ්‍යෝත්සවය ලබන 04, 05, 06 දිනයන්හිදී ඓතිහාසික මිහින්තලය රාජමහා විරස්ථානයේදී පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. එමෙන්ම ලබන 04 වැනිදා පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මිහිඳු මහ පෙරහර පැවැත්වීමටද සැලසුම් කර තිබේ.
වප් පුර අටවක පොහෝ දිනය හෙවත් ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය යෙදෙන ලබන 05 වැනිදා මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහස්සේලා වන්දනාවක් පැවැත්වීමටත් ධර්මදේශනා වැඩසටහන් පැවැත්වීමටත් සංවිධානය කර ඇත. ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රදානත්වයෙන් ලබන 06 වැනිදා 'මහ මිහිඳු කෘතගුණ පූජා' ජාතික උත්සවය පැවැත්වීමට නියමිතව ඇති බව අග්‍රාමාත්‍ය කර්යාලය සඳහන් කළේය.ada.lk
Reply To:
Name - Reply Comment
0 Comments