මී පැණි වල ගුණාත්මක බව හොයන්න මෙවලමක්
- 2019-11-13 15:54:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මී පැණිවල ගුණාත්මක බව පහසුවෙන් තීරණය කරගැනීමට හැකි මෙවලම් කට්ටලයක් කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබේ. එම ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයකු වන ආචාර්ය චන්දිම විජේසිරිවර්ධන මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මෙම මෙවලම නිර්මාණය කර තිබේ.
මී පැණිවල ගුණාත්මක බව, ගබඩා කිරීම, උණුකිරීම, සීනි, බඹර පැණි වැනි ද්‍රව්‍ය මුසු කිරීම සහ අඩංගු තෙතමනය ප්‍රමාණය යන සාධක මත රදා පවතී. මෙවැනි සාධක මත තීරණය වන මී පැණි වල ගුණාත්මකභාවය SLS 464 - 2016 ප්‍රමිති නියමයට අනුකූල විය යුතු අතර මෙම ප්‍රමිති නිරීක්ෂණය සඳහා අදාල පරීක්ෂණ කටයුතු නියමිත රසායනාගාරයක් තුළ දීම සිදු කළ යුතුය.
එම ප්‍රායෝගික දුෂ්කරතාව මගහරවා ගැනීම සඳහා සරල ලෙස ක්ෂේත්‍රයේදී ම මී පැණිවල ගුණාත්මක බව නිවැරදිව තීරණය කිරීමට මෙම මෙවලම් කට්ටලය භාවිතයෙන් හැකියාව ලැබේ. ඒ සඳහා ගතවන කාලය ඉතා අවම වන අතර, එක් පරීක්ෂණ අවස්ථාවක් සදහා වැයවන පිරිවැය ද රුපියල් 100.00 වැනි අවම මුදලකට සීමා වේ.
Reply To:
Name - Reply Comment
0 Comments