Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජනතාව මුඛ ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.
එය කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස ඇතිවු වැදගත් සිද්ධියක් බව දකීවේය.
ලෝක පරිසර දිනයට සමගාමීව මහනුවර වෛද්‍ය සංගමය,ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රතුකුරුස සංවිධානය සිප්ලා(Sipla)ආයතනය, එක්ව අද (08) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී සංවිධානයකර තිබූ වැඩසටහනකදී මැදගෙදර මහතා මේබව සදහන් කළේය..
 ස්වසන රෝග වලට ගොදුරුව සිටින පුද්ගලයින්ට රෝග උත්සන්න වීමත් සංකූලතා ඇති වීම ඉතා අඩු මට්ටමක පවතින බවත් මේ නිසා රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත් මුඛ ආවරණ පැළඳීම පුරුද්දක ලෙස අඛන්ඩව සිදුකිරීම සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස තමා දකින බවත් මෙමඟින් රෝගකාරක විෂබීජ තමන්ගේ ශරීරයට ඇතුළු වීමත් තමන්ගේ ශරීරයේ ඇති විෂබීජ භාහිර පරිසරයට එක්වීමත් වැළකෙන බවද ඒ මහතා සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා
 
කර්මාන්ත ශාලා,පාසැල්,පෙර පාසැල්,රාජ්‍යය ආයතන  වසා දැමීමත් වාහන ධාවනය අවම වීමත් නිසා පරිසරට දූෂණය සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙන බවත් රට සාමාන්‍ය අතට පත්ව තිබෙන මෙම අවස්ථාවේ පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවද ප්‍රකාශ කළේය.

මෙවර පරිසර දින තේමාව ජෛව විවිධත්වය රැක ගනිමු යන්න බවත් සතුන්,ගහකොළ,පස,වායුව ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකම බවත් කී විශේෂඥ වෛද්‍යවරයා පරිසර තත්ත්වයන් වෙනස්වන විට ඊට අනුගත වීමට අසීරුම සත්ත්වයා මිනිසා බවද එහිදි පැවැසිය.
 
ස්වසන රෝගීන් බහුලව භාවිත කරන ඉන්හේලර් යන්ත්‍ර භාවතයෙන් පසු සාමාන්‍ය පරිසරයට මුදා හැරීම ඉතා අවධානම් බවත් මේ නිසා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භකර තිබෙන මෙම ඉන්හේලර් යන්ත්‍ර බැහැර කිරීම සඳහා ස්වසන රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් වල සහ ඖෂධ අළෙවි සැල් අසළ ප්‍රතිචක්‍රීකරණ බඳුන් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන බවද සිප්ලා ආයතනයේ ස්වසන රෝග අංශ ප්‍රධානී කළණ ඇරෑගොඩ මහතා කතා කරමින් සදහන් කළේය.
 
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති නන්දික හරිශ්චන්ද්‍ර,සිප්ලා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසාම් ජවාඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(චමිල් රූපසිංහ) -
ලංකාදීප ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.