මුවන් පැළැස්සේ ‘මැණිකේ‘ දිවි මඬල නිමා කරයි
- 2018-04-07 19:57:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුවන් විදුලි නාට්‍ය කලාවේ ජනහඳ වැළඳගත් නාට්‍යක් වූ මුවැන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ මැණිකේ චරිතයට හඬ දායකත්වය සැපයූ රත්නාවලී කැකුණවල මහත්මිය අද සිය දිවිගමන නිමා කළාය. මියයනවිට 87 වැනි වියේ පසු වූ ඇය ගුවන්විදුලි නාට්‍යය, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාව යන සියළු කලා ක්ෂේත්රයන්හි සිය රංගන දායකත්වය ලබා දෙමින් සිටියේය. සත්සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය දියමන්ති, කරුමක්කාරයෝ, ආරාධනා, දඩයම, බට්ටි, වදුල වැනි චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදී ඇත. වසර 50ට වැඩි කාලයක් කලා කටයුතු කළ ඇය සරසවි සම්මානය, ජනාධිති සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත්වූවාය.
පොලිසියේ සංඥා අංශයේ නිලධාරියකු සමග විවාහ වී සිටි රත්නාවලී කැකුණවෙල මහත්මිය පුතුන් හතර දෙනකුගේ හා දියණියන් දෙදෙනකුගේ මවකි.
සිතුවම - ජානක ඉලුක්කුඹුර
Reply To:
Name - Reply Comment
0 Comments