මුහුණු ආවරණ ඉවත දැමීෙම්දී පරිස්සම් විය යුතුයි - ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර
- 2020-05-06 02:41:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉවතලන මුහුණු ආවරණ ඉදිරියේ දී විශාල පරිසර ප්‍රශ්නයක් බවට පත්වීමේ ඉඩකඩක් ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ලංකාදීපයට පැවැසීය.
විශේෂයෙන් දැනට භාවිත කරන මුහුණු ආවරණ අති බහුතරයක් එක්වරක් පමණක් භාවිතා කර ඉවතලන ඒවා බැවින් මෙම ගැටළුව වඩාත් බරපතල වන බව ද ප්‍රදීප්කුමාර මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිටත් ඉවතලන මුහුණු ආවරණ විශාල ප්‍රමාණයක් පරිසරයේ තැන තැන දමා තිබෙනු දැකිය හැකි බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා සාමාන්‍ය කසල සමග එක්වීමට නොදී මෙම මුහුණු ආවරණ ඉවත් කිරීමේ ක්‍රමයක් තිබිය යුතු බව ද පැවැසීය.
නිවාස මට්ටමින් භාවිතා කර ඉවතලන මුහුණු ආවරණ පිළිස්සීම හෝ සෞඛ්‍යාරක්ෂිත අන්දමින් ඉවතලීම සිදුකළ යුතු බව ද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අදාල අංශ කටයුතු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.(විනීතා එම් ගමගේ)
එසේ නොවුන හොත් වැසිකාලය සමඟ පරිසරයේ ඇති ඉවතලූ මුහුණු ආවරණ ජල ධාරාවන්ට එක්ව මුහුදු ජලයට එක්වීමත් ඉන් අනතුරුව ඒවා මුහුදු වෙරළට එක්වීමත් සිදුවනු ඇතැයි ඔහු කියා සිටයේය.
මේ වනවිටත් යුරෝපා රටවල් රාශියක් වෙරළ තීරයන් විනාශ වී ඇති බව ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments