මෙරට දිගම ගුවන් පාලම අද විවෘත වේ
- 2018-01-08 01:55:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිගින් මීර් 533 වූ මෙරට මහා මාර්ගයක ඉදි කළ දිගම ගුවන් පාලම ලෙස බත්තරමුල්ල හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයට ගමන් කිරීමේදී තිබූ අධික වාහන තදබදය මඟහැරීම පිණිස ඉදි කළ රාජගිරිය ගුවන් පාලම අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහමහත්වරු අතින් විවෘත කෙරේ. ස්පාඤ්ඤ රජයේ ආධාර මත රුපියල් මිලියන 4,514.77ක් වැය කරමින් ඉදිකළ මේ පාලම මංතීරු 04කින් යුක්ත වන අතර, මීටර 180ක පිවිසුම් මාර්ගයක් සහ සමාන්තර පදික වේදිකා 02ක්ද මේ ගුවන් පාලමට අන්තර්ගත කර ඇත.
2016 වසරේ අප්‍රේල් 19 දින ඉදි කිරීම් ආරම්භ කළ රාජගිරිය ගුවන් පාලම මාස 32ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණද සේවකයින් දිවා රෑ දෙකෙහිම සේවය කරමාස 20න් නිම කිර ඇත. මේ මාර්ගයේ වාහන ධාවන සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 5ක් පමණ වූ අතර, ගුවන් පාලම ඉදිකිරීමත් සමඟ වාහන සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 32 දක්වා ඉහළ යන බවද අමාත්‍යාංශය පවසයි. විවෘත කිරීමේ අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති-ඇමැතිවරු රැසක්ද මේ අවස්ථාවට සහභාගි වෙති.
Reply To:
Name - Reply Comment
0 Comments