Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මොරගහකන්ද -  කළුගග වාරි ව්‍යාපෘතියේ විදුලි බලාගාර තුළින් ජාතික විදුලි පද්ධතියට දිනපතා විදුලිය මෙගාවොටි  25 ක් මුදා හැරිම ආරම්භ කර ඇති බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය උපුටා දක්වමින් අද පුවත්පත වාර්තා කරයි. ඉහළ ජලාධාර ප‍්‍රදේශ වලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයට අද දිනය 06වන විට අක්කර අඩි දෙලක්ෂ අනූ හත්දහසක පමණ ජල ප‍්‍රමාණයක් ලැබී ඇති බව අද පුවත්පත කළ  විමසීමක දී මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී.දයානන්ද මහතා කියා ඇත. එය සමස්ත ජලාශයේ සියයට හැට හයක මට්ටමක් බව ද හෙතෙම අද පුවත්පතට පවසා තිබේ.

සබැඳි පුවත්

දැනට පවතින වාර්තාවන්ට අනුව වසර 50 කට පසු ලැබුණු වැඩිම වර්ෂාපතනය පසුගිය සමයේ මොරගහකන්ද ප‍්‍රදේශයට පතිත වී තිබේ. මීට අමතරව ජාතික විදුලි පද්ධතියට එක්වන විදුලි ප‍්‍රමාණයෙන් දිනකට ලක්ෂ 40 ක පමණ ආදායමක් මොරගහකන්ද විදුලි බලාගාරය තුළින් ලැබෙන බවත් විදුලි බලාගාරයෙන් වාර්ෂිකව අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 1545 කි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.