Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මොරගහකන්ද මහා වාරි සංවර්ධන ව්‍යාපෘතිය ජනවාරි 08දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මංගල දියවර නිකුත් නිකුත් කරමින් ජනතා අයිතියට පැවරීමට නියමිතය. මහවැලි ව්‍යාපාරයේ 40 වැනි සැමරුම් රාජ්‍ය උත්සවය ද ඒ හා සමගාමීව එදින ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොල්ගොල්ල වේල්ල අසළ දී පැවැත්වේ.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000 කට අලුත් දියවර සැපයේ. වයඹ පළාතේ වැව් 303කට සහ උතුරුමැද පළාතේ වැව් 1600 කට ජලය සැපයෙන අතර නව ලග්ගල හා මැදිරිගිරිය ප‍්‍රදේශයේ ඉදිකරන නව නගරය හා නව ජනපදවල අලුත් වැව් 48 ක් ඉදිකරනු ලැබේ.

නකල්ස් කඳු නිම්නයේ සිට අඹන් ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි.

ලංකාවේදී දැකිය හැකි ගල් පිරවූ ප‍්‍රධාන වේල්ලක්, කොන්කි‍්‍රට් කරන ලද වේල්ලක් මෙන්ම පස් වලින් සෑදු වේල්ලක් යන වේලි තුනකින් යුත් එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීම ද විශේෂත්වයකි. ව්‍යාපෘතිය හේතුවෙන් නාඋල හා ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවතැන්වන පවුල් 3500 ක් පමණ මේ වන විට නැවත පදිංචිකිරීම් සිදුකරමින් පවතින අතර, දේපළ අහිමිවීම් සඳහා වන්දි මුදල් ලබාදීම සිදුකරමින් පවතී.

ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එමඟින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225කි.මීට අමතරව මොරගහකන්ද ජලාශය තුළින් මෙගා වොට් 25ක විදුලි බල ප‍්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත අතර එමගින් ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336කි.

මොරගහකන්ද ජලාශය ආශී‍්‍රතව වාර්ෂිකව ඇඳ හැළෙන වර්ෂාපතනය ඝණ මීටර් මිලියන 818 ක් වන අතර එම මහා ජල කඳ මුහුදට ගලායෑම වළකා ජලාශයේ රඳවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප‍්‍රදේශවලට වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබේ.

සබැඳි පුවත්-----

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.