මොළය මියගිය රෝගීන්ගේ අවයව ප්‍රවාහනයට ගුවන් හමුදා සහාය
- 2019-01-14 13:13:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ ගුවන් ප්‍රවාහන අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන්ගුවන් හමුදාව සහාය වෙයි.
ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර ජනාධිපති කාර්යාලයේදීපසුගියදා අත්සන් තැබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදුවූ මෙම අත්සන් තැබීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් සිදු කරනු ලැබූහ.
වකුගඩු රෝගයට අවසාන ප‍්‍රතිකාරය ලෙස දැනට වකුගඩු බද්ධකිරීම හෝ රුධිර කාන්දුකරණයට ලක්කිරීම මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඒ අනුව හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු, වකුගඩු රෝගීන් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මහනුවර මහ රෝහල හා ඒකාබද්ධ වෙමින් කි‍්‍රයාත්මක කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී.
කෙසේවුවද හදිසි අනතුරු හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවයවවල ජීවකාලය කෙටිකාලයකටරඳා පැවතීම හේතුවෙන් කඩිනමින් බද්ධකිරීමේ කටයුතු සිදුකළයුතු වන අතර,එම අවයව රෝහල් වෙත ප‍්‍රවාහනය කිරීමට ගුවන් හමුදාවේ සහාය ලබා ගැනිණි. ඒ අනුව මේ දක්වා ඒ සඳහා සිදුකළ යුතු ගෙවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදල මගින් දරන ලද අතර, මෙම ව්‍යාපෘතිය ඉදිරියට වඩාත් කාර්යක්ෂ්මව කි‍්‍රයාත්මක කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.
දිනකට හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයන් පස් හය දෙනෙකු මියයන අතර, මියයන පුද්ගලයන්ගේ නිරෝගී අවයව මෙලෙස රෝගීන් සඳහා බද්ධ කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කර තිබේ.එසේම වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බළකායේ මෙහෙයවීමෙන් අවයව දන්දීමට පළවී ඇති කැමැත්ත මත එය රියදුරු බලපත‍්‍රයට හා ජාතික හැඳුනුම්පතට ඇතුළත් කිරීම සඳහාමේවනවිටත් කටයුතු සිදු කෙරෙමින් පවතී.ඒ අනුව අවයව දන්දීමට දායක වන අයගේ අවසන් කටයුතු සඳහා රජයේ අනුග‍්‍රහය ලබාදී ඔවුන් විසින් දක්වන ලද උදාර කි‍්‍රයාව අගයකිරීමටද ඉදිරියේදී කටයුතු සැලසුම් කෙරෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය සඳහන් කර සිටියි.
ඒ අනුව හදිසි අනතුරක් මගින් මොළය මියගිය අවස්ථාවකදී හෝ අවයව දන්දීමට කැමැත්තක් දක්වන්නන්ට දුරකථන අංක 0812226522 මගින් මහනුවර මහරෝහලේ අවයව බද්ධකිරීමේ සම්බන්ධීකරණ කාර්යාලයට දැනුම්දීම මගින් ඒ සඳහා දායක විය හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments