Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෝදි ලංකාවට එයි

  • 2017-02-20 09:47:02
  • 0 Comments

මේ වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කර ඇතැයි  විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වෙසක් දින උත්සවයට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා රජය කළ ආරාධනයක් පිළිගනිමින්  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව දන්වා ඇති බවද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ලබන මැයි 12 වැනිදා සිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සහ ජාත්‍යන්තර බෞද්ධ සමුළුව සඳහා මේ වන විට රටවල් රැසක රාජ්‍ය නායකයින්ට  ආරාධනා කර ඇති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකින් බෞද්ධ හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් මහනායක හිමිවරුන්, සංඝරාජ හිමිවරුන්, ජාත්‍යන්තර බෞද්ධ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු නියෝජිතයන් 1000 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය. 

(ලංකාදීප පුවත්පත් ඇසුරිනි- තිළිණි ද සිල්වා)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.